ප්‍රවේගකාරී ක්‍රිකට් ක්‍රීඩක දිල්ෂාන් මුණවීර වාර්තා පොත් අතරට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව සිටි ප්‍රවේගාත්මක පිතිකරුවන් අතර නිතරම කියැවෙන නමක් වන දිල්ශාන් මුණවීර අද තවත් වාර්තාවක් අලුත් කිරීමට සමත් වූවේය. ඒ ජාත්‍යන්තර නොවන නමුත් විස්සයි විස්ස තත්වය ඇති තරඟ තුළ ලකුණු 2500 සහ කඩුලු 40ක් දවාගත් වේගවත්ම ශ්‍රී ලාංකිකයා වෙමින්.

මීගමුව ක්‍රීඩා සමාජයේ නායකත්වය දරණ මුණවීර අද (9) බදුරෙලිය කණ්ඩායමට එරෙහි තරඟයේදී ලකුණු 27ක් වාර්තා කළ අතර මේ සමඟින් විස්සයි විස්ස මට්ටම ලත් ජාත්‍යන්තර නොවන තරඟයන්ගේ ලකුණු 2500 සීමාව පසු කිරීමට ඔහුට හැකි විය. මේ සමඟින් ලකුණු 2500ක් සහ කඩුලු 40ක් දවාගත් වේගවත්ම ශ්‍රී ලාංකිකයා වීමටද මුණවීරට හැකියාව ලැබුණි.

මෙම කඩයිම් මේ දක්වා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 4කු පසු කර ඇති අතර මීට පෙර මෙම වාර්තාවට හිමි කම් කියූවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් විසින්. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සුපිරිතම තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ඇන්ජෙලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ තිලකරත්න මීට පෙර මෙම කඩයිම් පසු කොට ඇති අතර ඒ සඳහා ඔවුනට වැය වූ තරඟ ගණන පහත දක්වා ඇත.

ඩිල්ෂාන් මුණවීර – 123
ඇන්ජෙලෝ මැතිව්ස් – 156
තිලකරත්න ඩිල්ෂාන් – 163
තිසර පෙරේරා – 212

ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරඟ 13ට පමණක් ක්‍රීඩා කළ මුණවීර 131.09ක ප්‍රහාරාත්මක වේගයක් සහ 17.19ක ලකුණු සාමාන්‍යයක් ජාත්‍යන්තර මට්ටමේ රඳවාගත් ක්‍රීඩකයෙකි. ඩිල්ෂාන් මුණවීරට උණුසුම් සුබ පැතුම්..!!!

සටහන –  Batsman.Com[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top