පාකිස්තානයත් ලෝක කුසලාන සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]පාකිස්තානය එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන සංචිතය අද දිනයේදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළහ. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ නසීම් ශාහ් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී පාකිස්තාන සංචිතයට කැඳවා ඇත. ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමට ඇතුළත් නොවූ පාදගපන්දු යවන ක්‍රීඩක උසාමා මීර් ද පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කොට ඇත.

ශහීන් අෆ්‍රිඩි, හරිස් රවුෆ්, මොහොමඩ් වසීම් පාකිස්තාන සංචිතයට ඇතුළත් කොට ඇති අතර මොහොමඩ් හැරිස් අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් නම් කොට ඇත. දගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් නවාස් අවසන් ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් වද්දී ෆහීම් අශ්‍රෆ්ට සිය ස්ථානය අහිමි වී ඇත. අංක එකේ එක්දින කණ්ඩායම ලෙසින් වැජබෙන බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන ලෝක කුසලාන සංචිතය පහත පරිදිය.

Fakhar Zaman, Imam-ul-Haq, Abdullah Shafique, Babar Azam (capt), Mohammad Rizwan (wk), Saud Shakeel, Iftikhar Ahmed, Agha Salman, Shadab Khan, Usama Mir, Mohammad Nawaz, Shaheen Shah Afridi, Haris Rauf, Mohammad Wasim Jr, Hasan Ali[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top