අගෝස්තු-සැප්තැම්බර් මාසවලදී පැවති ආසියානු කුසලානය අතරතුරදී පකිස්තානය සහ ශ්රී ලංකාව අතර ගුවන් ගමන් සංවිධානය කිරීමට සිදුවීම හමුවේ ආසියානු ක්රිකට් කවුන්සලයෙන් අමතර වන්දියක් ඉල්ලා සිටීමට පාකිස්තාන ක්රිකට් ආයතනය කටයුතු කොට ඇත.
තරඟාවලියේ සත්කාරක ගාස්තුව ඩොලර් 250,000 ක් පමණ වන අතර ප්රවේශපත්ර සහ අනුග්රාහක ගාස්තු වලින්ද පාකිස්තාන ක්රිකට් ආයතනය වෙත මුදල් හිමි විය. නමුත් ඔවුන් අමතර වන්දි මුදලක් ඉල්ලා ඇති බව PCB හි විශ්වාසදායක මූලාශ්රයක් PTI වෙත දන්වා ඇත.
මූලාශ්රය පැවසුවේ, පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර කණ්ඩායම් සඳහා වරලත් ගුවන් ගමන් සඳහා දරන වියදම් සහ ආසියානු කුසලානයේ මූලික අයවැයට ඇතුළත් නොවූ අමතර හෝටල් සහ ප්රවාහන ගාස්තු වැනි අමතර වියදම් සඳහා මෙම වන්දි මුදල ඉල්ලූ බවයි.
කෙසේ වෙතත් ආසියානු කුසලාන තරඟාවලිය දෙමුහුන් මාදිලිය යටතේ ශ්රී ලංකාවේ තරඟ පැවැත්වීමට එකඟ වී ඇති බැවින් PCB වෙත අමතර වියදම් ගෙවීමට ආසියානු ක්රිකට් කවුන්සලය සිය අකමැත්ත පළ කොට ඇති බවයි.