පාකිස්තානය ඉන්දියාවට අමුතු යෝජනාවක් ගෙනෙයි

[vc_row][vc_column][vc_column_text]

ඉන්දියාව හා පාකිස්තානය අවසන් වරට ද්වීපාර්ශික තරගාවලියකදී මුණගැසෙන්නේ 2012 වසරේ දෙසැම්බර් හා 2013 වසරේ ජනවාරි යන මාසයන් තුළයි. එතැන් පටන් දෙපිළම ආසියානු කුසලාන තරගාවලි හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල තරගාවලීන්හිදී හැරුනු විට එකිනෙකා මුණ ගැසී නැත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති රොජර් බිනී හා උපසභාපති රජිව් ශුක්ලා පසුගිය දා පාකිස්තාන සංචාරයකට එක්විය. එමෙන්ම පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට නව යෝජනාවක්ද සිදුකොට ඇත. ඒ දෙරට අතර ද්වීපාර්ශික තරගාවලියක් පැවැත්වීමටයි. අලුබදුන තරගාවලිය මෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර ජින්නා – ගාන්ධි ද්වීපාර්ශික තරගාවලියක් පැවත්වීමට පාකිස්තානය යෝජනා කොට ඇත.

” වාර්ෂිකව පැවැත්වෙන අලුබදුන තරගාවලිය වගේ ජින්නා- ගාන්ධි තරගාවලියක් පවත්වමු කියලා අපි BCCIයට යෝජනාවක් කරා.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top