පාකිස්තානය ලෝක කුසලාන සංචිතය ගැන බාබර් අසාම් අසතුටින් !!!

[vc_row][vc_column][vc_column_text]මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසුව පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් හා වේගපන්දු පුහුණුකරු වකාර් යුනිස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ පාකිස්තාන සංචිතය පිළිබදව නායක බාබර් අසාම්ද එතරම් විශ්වාසයයෙන් පසු නොවන බවට Geo News වාර්තා කොට ඇත. පාකිස්තාන නායක බාබර් අසාම් ලෝක කුසලාන සංචිතය නම් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී නොමැති බවද එම වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

එම මාධ්‍ය වාර්තා වල සදහන් ආකාරයට අසාම් ඛාන් හා සොහයිබ් මසූඩ් යන ක්‍රීඩකයන් සංචිතයට තෝරාගැනීම සම්බන්ධයෙන් බාබර් අසාම් සිය අප්‍රසාදය පළකොට ඇති බවයි. අසාම් ඛාන් වෙනුවට අත්දැකීම් සහිත ෆහීම් අශ්‍රෆ් හා ෆකර් සමාන් යන ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් විය යුතු බව ඔහුගේ අදහසයි.

අසාම් ඛාන් පාකිස්තාන සංචිතයට නම් කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවද සදහන්ය. අවසන් වරට කොදෙව්වන්ට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය වර්ෂාවට සේදී යද්දී ඊට පෙර එංගලන්තය සමගින් පැවති තරගාවලිය තරග 2-1ක් ලෙසින් පාකිස්තාන පරාජයට පත් විය. පාකිස්තාන කණ්ඩායම නවසීලන්තය සමගින් ලෝක කුසලානයට පෙර එක්දින හා විස්සයි විස්ස තරගාවලි දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය.

පාකිස්තාන ලෝක කුසලාන සංචිත

බාබර් අසාම්
ශඩාබ් ඛාන්
අසිෆ් අලි
අසාම් ඛාන්
හැරිස් රවුෆ්
හසන් අලී
ඉමාඩ් වසීම්
කුෂ්දිල් ශාහ්
මොහොමඩ් හෆීස්
මොහොමඩ් හස්නේන්
මොහොමඩ් නවාස්
මොහොමඩ් රිස්වාන්
මොහොමඩ් වසීම් Jr
ශහීන් අෆ්‍රිඩි
සොහයිබ් මසූඩ්

Creeda-Sports-Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top