පාකිස්තානු ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

[vc_row][vc_column][vc_column_text]ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන ලද දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පරාජයක් ලැබීම නිසා තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහිව 2-0 ක් ලෙස තරගාවලි ජයක් වාර්තා කිරීමට පාකිස්තානු කාන්තා කණ්ඩායම සමත්විය.

කරච්චියේදී පැවැත් මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානු පන්දු බලපරාක්‍රමය හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 102 ක පමණි. එය හඹා යෑමේදී කඩුලු 3 ක් දැවී රැස් කර ගැනීමට පාකිස්තානු පිතිකාරිණියන් සමත්වද්දී පන්දු 17 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

ශ්‍රී ලංකාව හමුවේ පන්දු යැවීම පාකිස්තානු පන්දු යවන්නියන් පස් දෙනාම කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වීම ද කැපී පෙනිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීමට ආරම්භක පිතිකාරිණී හසිනි පෙරේරා සමත්වූ අතර ඇය පන්දු 51 කදී ලකුණු 35 ක් රැස් කර ගත්තාය. ඇයට අමතරව හර්ෂිතා මධවී ලකුණු 16 ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 21 ක් රැස් කළහ.

පාකිස්තානය වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත් කළ අයේෂා නසීම් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟ නොදැවී ලකුණු 45 ක් රැස් කර ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 102 යි – හසිනි පෙරේරා 35, හර්ෂිතා මාධවී 16, නිලක්ෂි ද සිල්වා 21

පාකිස්තාන කාන්තා පිල පන්දුවාර 17.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 104 යි – මුනිබා අලී 17, බිස්මා මරූෆ් 22*, අයේෂා නසීම් 45*[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top