පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙසින් කටයුතු කළ පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉන්සමාම් උල් හක් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පකිස්ථාන කණ්ඩායම බලාපොරොත්තු වූ දස්කම් නොදැක්වීම හමුවේ ඉන්සිගේ මෙම ඉල්ලා අස්වීම සිදු විය.

ඉන්සමාම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී සකා අෂ්රෆ් වෙත සඳුදා (ඔක්තෝබර් 30) යවා ඇත. ඉන්සමාම් මෙලෙසින් ඉල්ලා අස්වූයේ පාකිස්තාන කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි ලෝක කුසලාන තරගය පරාජයට පත්වී දින කිහිපයකට පසුවය.

ඉන්සමාම්ගේ ඉල්ලා අස්වීමේ ප්‍රවෘත්තිය සමඟම, පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කණ්ඩායම් තේරීමට අදාළ හටගෙන තිබෙන චෝදනා විමර්ශනය කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පපත්කොට ඇති බවයි.

Back To Top