පාකිස්තාන තේරීම් කමිටුව ගෙදර යවන්නට බළධාරීන් තීරණය කරයි

ඉන්දියාවේ පැවති ICC ලෝක කුසලාන තරඟාවලියේදී තම කණ්ඩායම බලාපොරොත්තු සුන් කරවන ආකාරයෙන් ක්‍රීඩා කිරීමෙන් පසු එරට ජාතික තේරීම් කමිටුව ඉවත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇති බව වාර්තා පළ වී ඇත.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන කණ්ඩායම තරඟාවලියේදී ලද පරාජයන් හමුවේ PCB හි අර්බුදකාරී තත්වයක් ආරම්භ විය. ඉන් අනතුරුව තේරීම් කමිටු ප්‍රදානී ඉන්සමාම් උල් හක් එම තණතුරෙන් ඉල්ලා අස්වද්දී වේගපන්දු පුහුණුකරු මෝනි මෝකල්ද සිය තනතුරෙන් ඉල්ලා අස්විය. බාබර් අසාම් ද පාකිස්තාන ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වද්දී මොහොමඩ් හෆීස් කණ්ඩායම් අධ්‍යක්ෂ ධූරයට පත් කෙරිණි

කෙසේ වෙතත්, දැන් නවතම වාර්තා අනුව කණ්ඩායමේ අධ්‍යක්ෂ මිකී ආතර්, ප්‍රධාන පුහුණුකරු ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් සහ පිතිකරණ පුහුණුකරු ඇන්ඩෘ පුටික් ඉවත් කිරීමට ඉඩ ඇත. අභ්‍යන්තර තොරතුරු අනුව ජාතික කණ්ඩායම සඳහා දේශීය පුහුණුකරුවන් බඳවා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය නැඹුරු වී ඇති බවයි. ෂහීඩ් අෆ්රිඩි තේරීම් කමිටු ප්‍රධානියා ලෙසින් වැඩ බාර ගැනීමට සූදානමින් සිටින බවත්, කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස යුනිස් ඛාන් එක්වීමට ඉඩ ඇති බවත් වාර්තාවේ.

Back To Top