පකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාතික කණ්ඩායමේ, තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේ වගකීම වහබ් රියාස්ට පැවරෙනු ඇත.
රියාස් කණ්ඩායමේ ප්‍රධාන තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව ඔහු විසින් පෙර කටයුතු කළ ක්‍රීඩා අතුරු උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
භාරකාර පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය Syed Mohsin Raza Naqvi විසින් තේරීම් ප්‍රධානියා ලෙස මෙන්ම ක්‍රීඩා අතුරු උපදේශක ලෙස ද කටයුතු කිරීමට වහාබ් රියාස්ට අවසර දී ඇත.