පානදුර⁣ට ලකුණු පහක තියුණු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම පරාජයට පත් කළේය.
පාණදුර කණ්ඩායමේ ළහිරු දවටගේ මේ තරගයේදී අර්ධ ශතකයක් (පන්දු 47කදී හතරේ පහරක් සහ හයේ තුනක් සමඟ ලකුණු 57ක්) රැස් කර පාණදුර ජයග්‍රහණයට මුල් විණි.
පොලීසිය සහ එන්.සී.සී. අතර තරගයේදී එන්.සී.සී. කඩුලු අටකින් ජයගත් අතර කමිල් මිෂාර එන්.සී.සී. වෙනුවෙන් නොදැවී ලකුණු 34ක් ලබා එම ජයග්‍රහණයට දායක විණි.
බ්ලුම්ෆීල්ඩ් – කුරුණෑගල යූත් තරගයටත් රාගම – සී.සී.සී. තරගයටත් වර්ෂාවෙන් බාධා ඇති විණි.
• පාණදුර ලකුණු පහකින් කෝල්ට්ස් පරාජය කරයි.
එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසට අයත් වූ මේ තරගයේදී පාණදුර කණ්ඩායමේ ළහිරු දවටගේ (57) සහ ඕෂද ප්‍රනාන්දු තෙවන කඩුල්ලට ලකුණු 94ක සබඳතාවය එම කණ්ඩායමේ තියුණු ජයග්‍රහණයට මුල් විණි.
තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ ළහිරු දවටගේ පන්දු 42කදී හතරේ හතරක් හයේ තුනක් සමඟ ලකුණු 57ක් ද ඕෂද ප්‍රනාන්දු පන්දු 33කදී ලකුණු 26ක් ද රැස් කළහ. කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වේම දක්ෂතා දැක් වූ පන්දු 17කදී හතරේ තුනක් හයේ දෙකක් සමඟ ලකුණු 33ක් රැස් කර පන්දු යැවීමේදී ලකුණු 29කට කඩුල්ලක් දවා තුන් ඉරියව් දක්ෂතා දැක්වීය.
පාණදුර ඕවර 20දී කඩුලු 6ට 162යි – (ළහිරු දවටගේ 57, ඕෂද ප්‍රනාන්දු 26, විශේන් හැළඹගේ 14, කාංචන ඩි ලිවේරා 14, අකිල ධනංජය 22/3, ධනංජය ලක්ෂාන් 29/1යි)
කෝල්ට්ස් ඕවර 20දී කඩුලු 8ට 157යි – (ධනංජය ලක්ෂාන් 33, ෂෙරාන් ෆොන්සේකා 28, යශෝධ ලංකා 27, මුදිත ලක්ෂාන් 22, ශාලිත් ද මෙල් 18, ගමිඳු මැල්කම් 29/2, විශ්ව ළහිරු 27/2, ප්‍රභාත් අසංක 21/2)
• එන්.සී.සී. කඩුලු 8කින් පොලීසිය පරාජය කරයි.
මග්ගොනදී පැවැති ‘ඩී‘ කොටසට අයත් වූ මේ තරගයේදී එන්.සී.සී. ජයග්‍රහණය සඳහා ලකුණු 63ක ඉලක්කයක් කරායද්දී කමිල් මිෂාර දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 12කදී හතරේ පහරක් සහ හයේ පහර හතරක් සමඟ නොදැවී ලකුණු 34ක් රැස් කරමින් එන්.සී.සී. කණ්ඩායමට කඩුලු අටක ජයක් ලබාදීමට දායක විණි.
පොලීසිය ඕවර අටකදී කඩුලු 5ට 62යි – (ධනුජ ඉඳුවර 23, කුසල් පෙරේරා 13, ළහිරු කුමාර 14/2, චාමික ගුණසේකර 19/1යි)
එන්.සී.සී. ඕවර 5කදී කඩුලු 2ට 66යි – (කමිල් මිෂාර නොදැවී 34, සහන් ආරච්චිගේ නොදැවී 18, නුවන් ප්‍රදීප් 12/1, හිමේෂ් රාමනායක 12/1යි)
• බ්ලුම්ෆීල්ඩ් – කුරුණෑගල යූත් තරගයේ තීරණයක් නෑ.
එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති කුරුණෑගල යූත් – බ්ලුම්ෆීල්ඩ් තරගය අයහපත් කාලගුණය මත නතර කරන විට කුරුණෑගල යූත් කඩුලු හයකට ලකුණු 18ක් ලබා සිටියේය.
කුරුණෑගල යූත් ඕවර 7.1කදී කඩුලු 6ට ලකුණු 18යි
ගයන වීරසිංහ 06, සහන් නානායක්කාර 1/3, සචිත ජයතිලක 7/2
• රාගම – සී.සී.සී. විසඳුමකින් තොරව නිම වේ.
මග්ගොනදී පැවැත්වීමට නියමිතව තිබු ‘ඒ‘ කොටසට අයත් මේ තරගයට අයහපත් කාලගුණයේ බලපෑමෙන් විසඳුමකින් තොරව නිමා විණි.

Back To Top