පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කරයි

[vc_row][vc_column][vc_column_text]සියළුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවයන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12 දෙනකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

පත් කරන ලද එම සම්බන්ධිකාරකවරුන්ගේ ප්‍රධාන වගකීම බවට පත්ව තිබෙන්නේ දිස්ත්‍රික් හා පළාත් ආවරණය වන පරිදි සියලුම වයස් කාණ්ඩ යටතේ වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත සොයා දීම වේ. ඒ අනුව ඔවුන් දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් සංගම්, පාසල් පුහුණුකරුවන්, ක්‍රිකට් භාර ආචාර්යවරුන් සහ විදුහල්පතිවරුන් සමඟ කටයුතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සැඟවී තිබෙන දක්ෂතා හඳුනා ගනිමින් තරුණ මට්ටමේ වැඩසටහන් හරහා ජාතික තලය දක්වා රැගෙන එනු ඇත.

සම්බන්ධීකාරකවරුන් සිව් දෙනෙකුගෙන් 2017/2018 වසරේදී ආරම්භ වුණු මෙම වැඩසටහන යටතේ 2020 වන විට සම්බන්ධීකාරකවරුන් 6 දක්වා ඉහළ දැමූ අතර අනතුරුව දිවයිනේ සියළුම කළාප ආවරණය වන පරිදි වූ සෙවීම් පුළුල් කිරීමේ පරමාර්ථයෙන් එම සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

එම සම්බන්ධීකාරකවරුන්ගේ පත්වීම් සහතික පිරිනැමීම ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා සහ එහි ලේකම් කමල් ඉන්ද්‍රජිත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

නම පළාත
මලික් කීර්ති ප්‍රනාන්දු බස්නාහිර (පිටත)
සමන් හෙට්ටිආරච්චි බස්නාහිර (උතුර)
කනිෂ්ක පෙරේරා බස්නාහිර (මධ්‍යම)
ඩී.එම්. රාජරත්න බස්නාහිර (දකුණ)
සුරාජ් සංජීව බස්නාහිර (දකුණ පිටත)
ලීලානන්ද කුමාරසිරි දකුණ
සිසිර වීරසිංහ ඌව
ඉන්දික හෙට්ටිආරච්චි නැගෙනහිර
නුවන් සමරනායක මධ්‍යම
කීර්ති ගුණරත්න උතුරු මැද
ඒ.එම්.ඒ.පී. අතපත්තු වයඹ
වී. හජීපන් උතුර

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top