[vc_row][vc_column][vc_column_text]කොවිඩ් වසංගතයට මුහුණදෙමින් සෞඛ්‍යසම්පන්න බව ආරක්ෂා කරගැනීම සඳහා පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායාම් සඳහා යොමු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා අද (29) දින සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.
ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ඇතිව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ twitter, Instagram, face book ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සහ ජාතික රූපවාහිනියේ EYE නාලිකාව හරහා සෑම උදෑසනකම දරුවන්ට ක්‍රියාශීලි දිවිපෙවතක් උදෙසා නිවෙස්වල සිට ව්‍යායාම්වලට යොමුකිරීමේ වැඩසටහන් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
කොවිඩ් 19 හමුවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ඉදිරි කටයුතු පිළිබඳව දැනුවත් කරමින් ක්‍රීඩා අමාත්‍යංශ එළිමහන් පරිශ්‍රයේ අද (29) උදෑසන පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
එළඹෙන 04 වෙනිදා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහ ක්‍රිකට් සභාපතිගේ පිළ අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට පරිත්‍යාග කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
පවතින කොවිඩ්-19 තෙවන රැල්ලේ අවධානම හමුවේ මෙම තරගාවලිය නැරඹීමට අවස්ථාවක් ලබාදිය නොහැකිවීම ගැන ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ප්‍රේක්ෂකයන්ට සිය කණගාටුව පළකළ අතර සජීවීව තරගාවලිය විකාශය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.
“පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ තෙවන රැල්ලේ අවදානම හේතුවෙන් පාසල් ආරම්භයත් සමඟ නැවත වතාවක් පාසල් ශිෂ්‍යයන්ට නිවෙස්වලට වී අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබෙනවා. එසේම ග්‍රාමසේවා වසම් මට්ටමින් ක්‍රියාකාරම් සීමා කර තිබෙනවා.තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය ලෙස අප නිරන්තරයෙන් උත්සහ කරනුයේ ජවසම්පන්න සමාජයක් සහ ක්‍රියාශීලි රටක් ගොඩනැගීමටයි. ඒ තුළින් අපේ රට දකුණු ආසියාවේ ක්‍රියාශීලිම රට බවට පත්වන ඉලක්කය වෙත යන අතරතුර ව්‍යායාමවලට යොමුවීම මගින් බෝ නොවන රෝගවලින් ජනතාව මුදා ගැනීමටත් අපට හැකියාව ලැබෙනවා.
විනායානුකූල සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය මෙම කාලවකවානුවේ දී ඒ සඳහා උරදෙමින් ජන ජිවිතය ආරක්ෂා කරගැනීමටත්, අධ්‍යාපනික වැඩසටහන්වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් දරුවන්ගේ අධ්‍යාපනික මට්ටම උසස් කිරීමටත්, මාධ්‍ය ආයතන කටයුතු කරනවා.
එසේම දවසේ යම්කිසි කාල පරිච්ඡේදයක කුඩා කාලසීමාවක්වත් පාසල් දරුවන්ගේ සෞඛ්‍යසම්පන්න බව ආරක්ෂා කරගැනීම අරමුණුකර ගනිමින් ව්‍යායාම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලෙස මා මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරනවා.
ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ඇතිව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය පවත්වාගෙන යන twitter, Instagram, face book ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා සෑම උදෑසනකම දරුවන්ට ක්‍රියාශීලි දිවිපෙවතක් උදෙසා නිවෙස්වල සිට ව්‍යායාම්වලට යොමු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අපි බලාපොරොත්තු වෙනවා.
රූපවාහිනිය හෝ අන්තර්ජාල වැඩසටහන් වලින් අධ්‍යාපනය හැදෑරීමට ලබා දෙන අවස්ථාවට සමානව උදෑසන උපරිම වශයෙන් පැයක කාලයක්වත් දරුවා ව්‍යායාමවලට යොමු වී කාර්යක්ෂම හා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීමට අවශ්‍ය ශාරිරික සුවතා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස අපේ රටේ දෙමව්පියන්ගේ ආදරයෙන් ගෞරවයෙන් මා ඉල්ලා සිටිනවා. ඒ තුළ දරුවන් බෝනොවන රෝග වලින් මුදා ගැනීමේ වටපිටාව අපට සකසා ගත හැකියි.
කොවිඩ් 19 වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාසල්වල එකගතාවය මත පාසල් දරුවන්ගේ ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව අපට තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණදෙමින් අපි ක්‍රීඩා තරග පවත්වනු ලැබුවා. ඉදිරියටත් එම තරග පැවැත්වීම නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුගත වෙමින් සිදු කරනවා.
එළඹෙන 04 වනදා පැරණි ක්‍රීඩකයන් සහ නවක ක්‍රීඩකයන් අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී T – 20 තරගාවලිය පැවැත්වීමට කටයුතු කරනවා.එය සජිවීව විකාශය කිරිමට බලාපොරොත්තු වන අතර එමගින් ලැබෙන සම්පූර්ණ ආදායම කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට ලබාදෙනවා.
පවතින කොවිඩ් 19 තෙවන රැල්ලේ අවදානම හමුවේ එය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලබාදිය නොහැකිවීම පිළිබඳ කණගාටු වෙනවා. නමුත් මේ තිබෙන තත්ත්වය කිසිම බාධාවක් නැහැ ජෛව බුබුළ (Bubble) ඇතුළේ ක්‍රීඩා කිරීමට. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවෙමින් ඔවුන් සමග ඉතාමත්ම කිට්ටුවෙන් අප කටයුතු කරනවා. අපේ පරමාර්ථය වන ක්‍රීඩාව ඉදිරියට රැගෙනයාමට ඔවුන් විශාල සහයෝගයක් ලබාදෙනවා.
සූරියවැව, දඹුල්ල, පල්ලෙකැලේ සහ ඛෙත්තාරම යන ක්‍රීඩාංගණ 04ම භාවිත කර මෙම වසරේ LPL තරගාවලිය සහ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක් ලංකාව තුළ පැවැත්වීමට අප බලාපොරොත්තු වෙනවා.
අපේ රට Bubble ක්‍රමවේදය තුළ නිවැරදිව ක්‍රීඩාව කළමනාකරණය වීම සහ ක්‍රීඩක ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සාර්ථකව සිදුවන හෙයින් නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ජාත්‍යන්තර තරග පවා අප රටේ පැවැත්වීමට සත්කාරකත්වය ලබාදිය හැකි බව අප විශ්වාස කරනවා.එක්දින සංචිතයේ මෙන්ම ටෙස්ට් සංචිතයේ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.
නව ක්‍රීඩා පනත තුළින් නව ව්‍යවස්ථාවක් සකස් කර සමස්ත ක්‍රීඩාවේම ව්‍යුහය වෙනස් කිරීමට බලාපොරාත්තු වෙනවා. ජාත්‍යන්තර නිර්දේශවලට අනුකූලව නිලවරණ ක්‍රම වෙනස් කරදීම කෙරෙහි අවධානය යොමු කර එක් එක් සංගම්වල නිර්දේශවලට අනුකූලව ක්‍රීඩා සංගම් යාවත්කාලීන කිරීම ද සිදුකරනවා.
ක්‍රිකට් සහ ෆුට්බෝල් යන ක්‍රීඩා දෙකට අමතරව එළඹෙන වසරේ සිට ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අරමුදලෙන් වැටුපක් ගෙවා තෝරාගත් ක්‍රීඩා 15කට අදාළව ඒ ඒ සංගම් හරහා පරිපාලන ලේකම්වරු පත්කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ තුළ සංගම්වල පරිපාලන කටයුතු, ක්‍රීඩා ප්‍රවර්ධනය, ඉහළ කාර්ය සාධනය කමිටුවේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, තරග සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම, පුහුණුකරුවන් පුහුණු කිරීම, පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉදිරිපත් වන ක්‍රීඩකයින් සූදානම් කිරීමට අවශ්‍ය පරිපාලන කටයුතු සිදු කිරීම සහ අමාත්‍යංශයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඔවුන්ට පැවරීමත් සිදු කරනවා“[/vc_column_text][/vc_column][/vc_row]