[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය අතරතුරදී කොවිඩ් වෛරසය ආසාධනය වුණු ආර්මභක පිතිකරු පැතුම් නිස්සංකව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී පැතුම් කොවිඩි වෛරසයට ගොදුරු වූ බැවින් ඔහු වෙනුවට පන්දුවට ඕෂධ ප්‍රනාන්දු ආදේශකයා ලෙසින් ක්‍රීඩා කළේය. වැඩි දුරටත් විවේකය සහ පූර්ණ සුවය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දෙවැනි ටෙස්ට් තරගයට පෙරම පැතුම් නිදහස් කර තිබෙන අතර, එබැවින් ඔහුව දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් වලදී සලකා නොබැලෙනු ඇත.
පාකිස්තානයට එරෙහිව දැන් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා යොදවා තිබෙන ඕෂධ ප්‍රනාන්දු පළමු ඉනිමේදී ලකුණු 35 කට දැවී ගියත් දෙවැනි ඉනිමේදී සටහන්කාමී පිතිහරඹයක් දියත් කරමින් ලකුණු 64 ක් ලබා පිතිකරුවකු ලෙස කැපී පෙනෙන කාර්යය භාරයක් කණ්ඩායම වෙනුවෙන් ඉටු කිරීමට සමත්වූවේය.[/vc_column_text][/vc_column][/vc_row]