පැතුම් ශතකය පෙනි පෙනි දැවී යයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.ඊයේ දිනට සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට කකඩුලු තුනක් දැවී ලකුණු 242 ක් ලබා සිටියා.තරගය පැවැත්වෙන්නේ පොට් එලිසබත් හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව තම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 358 ක් රැස්කළා.
ශතක ලාභීන් වන රයන් රිකෙල්ටන් ලකුණු 101 ක් රැස්කළ අතර කයිල් වෙරේන් නොදැවී ලකුණු 105යි.පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 4 ක් දවා ගත්තා.අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් බිඳ හෙලූ අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 යි.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ දිමුත් කරකරුණාරත්න.දිමුත් ලකුණු 20 කට දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 44 යි.පැතුම් නිස්සංක ලකුණු 89 ක් රැස් කලා.
මේ අතර ඇන්ජලෝ මැතිව්ස් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 8000 සීමාව පසු කිරීමට ඊයේ සමත් වීම විශේෂත්වයක්.
එම කඩඉම පසු කළ තුන්වැනි ශ්‍රී ලංකිකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්.
මීට පෙර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙම ලකුණු සීමාව පසු කර තිබුණා.

ඊයේ දෙවන දිනය සඳහා තරගය නතර කරන විට ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 40 ක් ලබා සිටි අතර කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 30 යි.

Back To Top