Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

පැරදුණත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනූ ‘ඔස්ට්‍රේලියාව’

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට වෙන්ව ඇත්තේ නිල් වර්ණයයි. එබැවින් තරග නැරමීමට පැමිණීමේදී ක්‍රීඩා ලෝලීන් බහුතරයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටී ෂර්ටය හා සමාන ටීෂර්ටයන්ගෙන් සැරසී පැමිණීම ක්‍රිකට් සංස්කෘතියේ සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් ඉකුත් 24 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැහැති පස්වැනි එක්දින තරගයේදී මුලු ප්‍රේක්ෂකාගාරම කහ පැහැයෙන් වර්ණ ගැන්වී තිබිණ. ඒ සුවිශේෂී කරුණක් හේතුවෙනි. රට තුළ ඇතිවී තිබෙන අර්බුකාරී වාතාවරණය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට නොයන ලෙස අනතුරු අඟවා තිබෙන පසුබිමකදී වුවද සති 5කට ආසන්න දීර්ඝ තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණි  ඔස්ට්‍රේලියානුවන්ට කෘතවේදීත්වය පළ කිරීමේ සලකුණක් වශයෙන් ක්‍රීඩා ලෝලීහු කහ වර්ණයෙන් සැරසී පැමිණ සිටියහ.

මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අතුරු සිදුරු නැතිව එක්වූ 35,000 කට අධික ක්‍රීඩා ලෝලීහු ඔස්ට්‍රේලියානුවන්ට සිය අත්පොලසන් ද සමඟ සිය කෘතවේදීත්වය පළ කර සිටියහ. ජය සංකේත ප්‍රධානෝත්සවය අවසානයේ අහසට එල්ල වුණු මල් වෙඩි සමඟ මුළු ක්‍රීඩාංගණයම ‘ඔස්ට්‍රේලියා, ඔස්ට්‍රේලියා, ඔස්ට්‍රේලියා’ යන එකම හඬින් දෝංකාර දෙද්දී ඇරන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, ග්ලෙන් මැක්ස්වෙල් ඇතුළු ඔස්ට්‍රේලියානුවෝ ක්‍රීඩාංගණය වටා වූ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට ආචාර කරමින් ඇවිද යෑම නොදැනීම ‘ඇසට කඳුලක්’ උනන ලද සිදුවීමක් බවට පත්විය.

දැඩි ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ වුවද ‘ස්තූතියි ඔස්ට්‍රේලියා’ යනුවෙන් වූ දැවැන්ත බැනර් ද ක්‍රීඩා ගාරවල ප්‍රදර්ශනය වන අයුරින් තබා තිබීම සැබැවින්ම ඔස්ට්‍රේලියානුවන්ටද නැවුම් හැඟුමක් එක් කරන්නක් වී තිබේ. ඒ බව සදහන් කරන්නේ අප නොවේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ  ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර්ය. සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් ද සමඟින් සටහනක් තබමින් වෝනර් ක්‍රීඩාංගණයේ අප දුටු දේ විශ්වාස කළ නොහැකි වුවත් මේ ඡායාරූපය සියල්ල සඳහන් කරන බවයි.

තිස් වසරකට පසු ඔස්ට්‍රේලියානුවන්ව සිය මව්බිමේදී පරාජයට පත් කළ පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමටද සුභ පැතුම් එක් කිරීමට වෝනර් අමතක නොකළේය.

“සුදු පන්දුව භාවිතයෙන් කෙරෙන තරගාවලිය අවසන් වූ අතර ජයග්‍රහණයට පත් ශ්‍රී ලංකාවට සුභ පතනවා. කණ්ඩායම් දෙකටම සහාය දැක්වීම ගැන ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ස්තූති කරල මදි. ඔවුන් මෙය වෙනම තලයකට පැමිණසිටිනවා. මේ තරගයේදී අපි දුටු දේ අපට විශ්වාස කළ නොහැකි වුවත් මේ ඡායාරූපයේ සියළු කතාන්දරය කියා පානවා” යැයි වෝනර් සිය සමාජ ජාල ගිණුමේ සදහන් කර තිබේ.

දෙපිළ අතර පැවැති තරග 5 ක එක්දින තරගාවලිය නිමාවට පත් වුවද තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 29 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ලේදී පැවැත්වෙනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top