ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20 – 20 ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ බේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ ටිම් රොබින්සන් සහ රචින් රවීන්ද්‍ර. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13 ක් වනවිට, රචීන් රවීන්ද්‍ර ලකුණු 1 කට දැවී ගියා. ටිම් රොබින්සන් ලකුණු 41 ක් රැස්කළ අතර මාක් චැප්මන් ලකුණු 42 යි. නවසීලන්තය පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් රැස්කළා. මිචෙල් හේ නොදැවී ලකුණු 41 යි. පන්දු 19 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට, හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත්. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2 යි. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 32 ක් වන විට කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 37 යි.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 48 ක් රැස්කළ අතර චරිත් අසලංක ලකුණු 20 යි. ශ්‍රී ලංකා ඉනිමේ සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ. ශ්‍රී ලංකාව පන්දු වාර 19 යි, පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 141 ක්. ඒ අනුව නවසීලන්තය තරගය ජයගත්තේ ලකුණු 45 කින්. පන්දු යැවීමේදී ජේකොබ් ඩෆී, කඩුලු 4 ක් බිඳහෙලුවා. එම ජයග්‍රහණයත් සමග නවසීලන්තය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකරගත්තා. දෙරට අතර තුන්වැනි 20 – 20 තරගය ලබන මස දෙවැනිදා පැවැත්වීමට නියමිතයි.