[vc_row][vc_column][vc_column_text]
ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම් රැසක් දිනා දුන් සුදේශ් පීරිස් ඊයේ ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කළා.ඒ ඔලිම්පික් නිවහනේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
මෙම අවස්ථාවට සුදේශ් පීරිස් සිය ක්‍රීඩා දිවියට උදව් උපකාර කළ සියල්ලන්ටම ආරාධනා කර තිබූ අතර බර ඉසිලීමේ සංගමයේ නිලධාරීන්ටද ආරාධනා කර තිබුණා.බර ඉසිලිමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු සිය සහෝදර ක්‍රීඩකයාගේ සමුගැනිමේ මාධ්‍ය හමුවට පැමිණ සිටියත් බර ඉසිලීමේ සංගමයේ කිසිවෙකු ඊට එක් නොවීම කණගාටුවට කරුණක්.
රට නියෝජනය කරමින් ජාත්‍යන්තර පදක්කම් දිනා දුන් මෙවැනි ක්‍රීඩකයෙකුගේ මෙම සුවිශේෂී අවස්ථාවට එම සංගමයේ නිලධාරීන් සහභාගි නොවුණේ හිතාමතාමද ?ඇතැම් විට බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවන ආසාධාරණකම් වෙනුවෙන් හඩක් නැගූ සුදේශ්ලා වැනි අයට මෙවැන්නක් සිදු කළේ පළිගැනීමක් ලෙසද යන්න සැකයක් මතු නොවන්නේද ?
[/vc_column_text][/vc_column][/vc_row]