පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්

පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමත් වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස් බර්ග් හිදී.

ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම හිමිකරගත්තේ, පිරිමි කැඩෙට් කණ්ඩායම් ඉසව්වෙන්. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පී.ජී.එන්. ගුණවර්ධන, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ එස්.කේ. වෙලගෙදර සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආර්.ආර්. දේවගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

කණිෂ්ඨ පිරිමි කිලෝ ග්‍රෑම් 70ට වැඩි කුමිතේ ඉසව්වෙන් රන් පදක්කම හිමිකරගත්තේ, කොළඹ ආනන්ද විද්‍යාලයේ කේ.පී. කරුණානායක‍. කිලෝග්‍රෑම් 61ට අඩු කාන්තා කැඩෙට් ඉසව්වෙන් කොළඹ, කාන්තා විද්‍යාලයේ එච්.ජේ. ඩයස් ලෝකඩ පදක්කම හිමිකරගත්තා.

කණිෂ්ඨ කාතා පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කම් හිමිකරගත්තේ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ‍එස්.කේ. සිංහල‍ගේ සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආර්.ආර්.‍ හේවගේයි. කණිෂ්ඨ කාන්තා කාතා ඉසව්වෙන් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ එල්.වී.එස්. ලැවන්ගම් සහ තිදෙසි දිනාරා ලෝකඩ පදක්කම් ද්විත්වයක් දිනා ගත්තා.

Back To Top