පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නම් කරයි

[vc_row][vc_column][vc_column_text]එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙන අතර චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු එම තරගාවලිය සඳහා සහභාගිවනු ඇත.

ජූලි මස 28 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා කාන්කා පිල ‘බී’ කාණ්ඩය යටතේ සිය පළමු තරගයට සත්කාරක එංගලන්තයට එරෙහිව ලබන 30 වැනිදා සහභාගිවීමට නියමීතය. පන්දුවාර විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ සෙසු ප්‍රතිවාදී වන්නේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව වේ. එම තරග පිළීවෙළින් අගෝස්තු 02 සහ 04 යන දිනවලදී පැවැත්වෙනු ඇත.

ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි20 සහ එක්දින තරගාවලි සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 19 ක් අයත් වූ නමුත් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු පමණක් ඇතුළත්ව සිටිති. ‌ ඒ අනුව ඉන්දීය තරග සංචාරයට ඇතුළත් වුණු තාරිකා සෙව්වනිද්, සත්‍යා සංදීපනී, කෞෂානි නුත්‍යාංගණා හා හංසිමා කරුනාරත්නට පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලිය අහිමිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ෂෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා,[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top