බංගලාදේශයට දැවැන්ත පරාජයක්.

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර
තරගය සිඩ්නිහිදි පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 205ක්. මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී කණ්ඩායමක් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි. මීට පෙර නවසීලන්තය ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු දෙසීයක් වාර්තා කර තිබුණා.

දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණේ රිලී රොසෝව්. ඔහු පන්දු 56 කට කදී ලකුණු 109ක් රැස්කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර 8 ඇතුළත්. මෙවර ලෝක කුසලානයේ දී කුසලානයේදී ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු ශතකය මෙයයි. ක්වින්ටන් ඩි කොක් ලකුණු 63 යි. පිළිතුරු ලෙස බංගලාදේශයට පන්දු වර 16 යි පන්දු 3 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 101 ක් පමණයි.

තරඟයෙන් දකුණු අප්‍රිකාව ජය ගත්තේ ජයගත්තේ ලකුණු 104 කින්. බංග්ලාදේශය වෙනුවෙන් ලීටන් ඩාස් ලකුණු 34ක් රැස් කළා. පන්දු යැවීමේදී ඇන්රිච් නොට්ජේ කඩුලු 4 ක් සහ ටබ්‍රීස් ශම්සි කඩුලු 3ක් දවා ගත්තා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top