සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද දිනයේදී පැවැත්විණි. වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් මෙම තරඟය එක් පිළකට පන්දු වාර තිහකට සීමා විය. ඒ අනුව තරඟයේ කාසිය වාසය දිනු බංග්ලාදේශ නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 30 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 239 ක් රැස් කළහ. එහිදී ආරම්භක පිතිකරු විල් යන්ග් පන්දු අසූ හතරකදී හතරේ පහර දාහතරක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු 105ක් රැස් කිරීමට සමත් විය. නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ ටොම් ලේතම් පන්දු 77කදී අගනා ලකුණු 92ක් රැස්කිරීමට සමත් විය.
ඩක්වත් ලුවිස් න්‍යාය අනුව බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් හිමි ඉලක්කය ලකුණු 245ක්. එය හඹා ගිය බංගලාදේශ ක්‍රීඩකයන්ට පන්දුවාර 30 අවසානයේ කඩුලු නමයක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 200 පමණයි. එහිදී එනමුල්හක් ලකුණු 43ක් ද අෆිෆ් හුසේන් ලකුණු 38ක්ද රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ඇඩම් මිලන්, ඉෂ් සෝඩි හා ජෝෂ් ක්ලාක්සන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය. මෙම තරගයෙන් ලකුණු 44ක ජයක් නවසීලන්තයට හිමි විය.