[vc_row][vc_column][vc_column_text]
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට බංග්ලාදේශය පිවිසියහොත් ඒ සම්බන්ධයෙන් තමා පුදුම නොවන බව බංග්ලාදේශ හිටපු ක්‍රීඩක මෙන්ම වත්මන් විස්තර විචාරක අතාර් අලි ඛාන් සදහන් කොට ඇත. පසුගිය වසර තුන තුළ බංග්ලාදේශ කණ්ඩායම විසින් ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වැනි කණ්ඩායම්වලට එරෙහිව තරඟාවලි ජයග්‍රහණ ලබා ඇත. මීට අමතරව, ඔවුන් ප්‍රබල එංගලන්තය ද පරාජය කිරීමට සමත් විය. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය හෝ එංගලන්තය අතරින් එක් කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් කණ්ඩායම් හතර අඅතරට පිවිසෙනු ඇතැයි අතාර් අලි ඛාන් සදහන් කොට ඇත
මේ අතර ඕස්ට්‍රේලියානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශේන් වොට්සන් සදහන් කොට ඇත්තේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය හා පාකිස්තානය අවසන් කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලබනු ඇති බවයි. හිටපු ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සදහන් කොට ඇත්තේ ඉන්දියාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව නිසැකවම සුදුසුකම් ලබන බවත් සිව්වන කණ්ඩායම අනෙක් ඕනෑම කණ්ඩායමක් විය හැකිබවයි. හිටපු ඉන්දීය ක්‍රීඩක යූසුෆ් පතාන් අනාවැකි පළ කරන්නේ පාකිස්තානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති බවයි.[/vc_column_text][/vc_column][/vc_row]