බංග්ලාදේශය යොවුන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙනවා. මෙහි සුපර් ලීග් අංශයේ තෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දු වාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 261 ක් රැස් කළා. ටන්සිඩ් හසන් ලකුණු 80 ක් රැස් කළ අතර සහදාත් හොසේන් නොදැවී ලකුණු 74 යි. පන්දු යැවීමේදී පෙකෝ මොලෙට්සනේ කඩුලු 2ක් බිද හෙලුවා.

පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දු වාර 42 යි පන්දු 3 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 157 ක් පමණයි. ලුක් බෙයාර්ෆුට් ලකුණු 60 ක් රැස් කළා. පන්දු යැවීමේදී රකිබුල් හසන් කඩුලු 5 ක් බිද හෙලුවා. තරගයෙන් බංග්ලාදේශය ජය ගත්තේ ලකුණු 104 කින්.

 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top