බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ඉන්දියාවට ජය

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ පර්ති හිදී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 142 ක් රැස් කළා. ෂෆාලි වර්මා ලකුණු 39 ක් රැස් කළ අතර ජෙමී රොඩ්‍රිගස් ලකුණු 34 යි. පන්දු යැවීමේදී සල්මා කටූන් සහ පැනා ගෝෂ් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිලිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 124 ක් පමණයි. නිගර් සුල්තානා ලකුණු 35 ක් රැස්කළ අතර මුර්ෂිදා කටූන් ලකුණු 30 යි. පන්දු යැවීමේදී පූනම් යාදේව් කඩුලු 3 ක් බිද හෙලුවා. ෂිකා පාන්ඩේ සහ අරුන්දතී රෙඩී කඩුලු 2 බැගින් බිද හෙලුවා. ඉන්දියාව තරගය ජයග ගත්තේ ලකුණු 18 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top