බාධක මධ්‍යයේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු තරගයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි. නමුත් මෙම තරගය සදහා සූදානම් වීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුකාරී තත්වයක් උද්ගතවී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු තරගය වෙනුවෙන් සූදානම් වීම සදහා අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු සැසිය අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

තවද ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලය වෙත ක්‍රීඩාංගණයේ සිට ගමන් කිරීමට පැය 1.30ක පමණ කාල සීමාවක් ගත වීම ද ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදු වී ඇති තවත් ගැටලුවක්.

ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දා ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් ද ගැටලු කාරී තත්වයකට මුහුණ දීමට සිදුවුණා. ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය ෆ්ලොරීඩා සිට නිව්යෝර්ක් බලා ගමන් කිරීමේදී ඔවුන්ට පැය 7ක කාල සීමාවක් ගුවන් තොටුපළෙහි රැඳි සිටින්නට සිදුවුණා.

Back To Top