බිනුරටත් කොවිඩ්

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වීතිබේ. දෙවැනි එක්දින තරගයට පෙර පෙබරවාරි මස 12 වැනිදා සිදුකරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී (රැපිඩ් ඇන්ටිජන්ට්) අදාළ වෛරසය බිනුරට ආසාධනය වී තිබෙන බවට තහවුරු වී තිබේ.

අනතුරුව ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට ද භාජනය කරනු ලදුව, එම ප්‍රතිඵලයෙන්ද බිනුරට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන බවට සනාථ වී තිබේ. ඒ අනුව ඔහුට පෙබරවාරි මස 13 වැනි දින සිඩ්නිහි පැවැති දෙවැනි විස්සයි-20 තරගයට සහභාගිවීමේ අවස්ථාවද අහිමිවිය. ඒ වෙනුවට නුවන් තුෂාරව ක්‍රීඩා කරවීමට තේරීම්වලදී පියවර ගනු ලැබීය. ආසාධිතයකු බවට පත්ව සිටින බිනුරට දැනට කොවිඩ් 19 වෛසරය ආසාධනය වීමේදී අනුගමනය කරනු ලබන සෞඛ්‍යාරක්ෂිත වැඩසටහන යටතේ නීරෝධානයනයට ලක් කොට තිබේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top