බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක්

වසර 37 කට පසුව බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක් මෙරටට හිමි කර දීමට උමයංග මිහිරාන් සමත් වුණා.

ඒ, ආසියානු බොක්සිං සම්මේලනය සංවිධාන කළ එලයිට් බොක්සිං තරගාවලියේදී.

තරගාවලිය පැවැත්වුණේ, තායිලන්තයේදී. රටවල් 21 ක තරගකරුවන් තරගාවලියට එක්ව සිටියා. උමයංග මිහිරාන් නියෝජනය කළේ, කිලෝග්රෑම් 51 ක බර පන්තියයි.

ඔහු අවසන් පූර්ව තරගයේදී තරග වැදුණේ, උස්බෙකිස්තාන ක්‍රීඩකයෙකු වන අසීල් බෙක් ජලීලෝව් සමග.

එම තරගයෙන් උමයංග මිහාරාන් පරායට පත් වුවද, ඔහුට තරගාවලියේ ලෝකඩ පදක්කම හිමි වුණා. මීට‍ පෙර ශ්‍රී ලංකාවට ආසියානු මට්ටමේ බොක්සිං පදක්කමක් හිමිව තිබුණේ, 1987 වසරේදී.

තවමත් 21 වැනි වියෙහි පසුවන උමයං මිහිරාන් මාතර තෙලිඡ්ඡවෙල ප්‍රදේශයෙන් බොක්සිං ක්‍රීඩාවට යොමුව තිබෙනවා. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙක්.

Back To Top