භානුක රාජපක්ෂ ගෙන් මිකී ආතර් ට චෝදනා

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් වන භානුක රාජපක්ෂ අද දිනයේ දී මාධ්‍ය සාකච්ඡාවකට එක්ව ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදු කරනු ලැබුවා. ඔහු දිගින් දිගටම කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳව ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව භානුක පළ කළ අදහස් පහත පරිදි වේ.

මම යොවුන් අවධියේ පසු වෙද්දී කිව්වා මාව කණ්ඩායම තෝරා නොගන්නේ මට තවම වයස මදි නිසා කියලා. දැන් මට වයස අවුරුදු 29ක්. සාමාන්‍යයෙන් පිතිකරුවෙක් හොඳටම පරිණත වෙන්නෙ වයස අවුරුදු 28ත් 34ත් කියන කාල වකවානුව ඇතුළේ.

මට ලැබුණු පළවෙනි විස්සයි විස්ස තරඟාවලියේදී ම මම හොඳින් දක්ෂතා අතරට පැමිණියා. මම පාකිස්ථානට එරෙහිව අංක 3 ස්ථානයේ සාර්ථක වුණා. හැබැයි මට පිතිකරණයේ යෙදෙන්න ලැබුණු තරඟ 6දි මාව පිතිකරණයේ යෙදෙව්වේ ස්ථාන 4ක. ඒ වගේම මට ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කිව්වා මම කඩුලු අතර දුවද්දි ග්ලවුස් දෙක අතේ තියාගෙන දුවපු නිසා මගේ කැපවීම මදි කියලා.

ඒ වගේම මම ලීග් තරඟාවලි වලට ක්‍රීඩා කරන්න අවසර ඉල්ලද්දී ඔවුන් මට අවසර ලබා දුන්නෙ නෑ. කොදෙව් සංචාරයට මම ක්‍රීඩා කරනවා කියලාත් මට දැනුම් දීල තිබ්බේ. නමුත් අන්තිම මොහොතේ මට කිව්වා මම කොදෙව් සංචාරයට ක්‍රීඩා කරන්නේ නැහැ කියලා.

මගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා කිව්වා. මම පලවෙනි පාර කිලෝමීටර් 2ක් මිනිත්තු 8යි තත්ත්පර 35කින් දිවීමේ පරීක්ෂණය අසමත් වුණා. අපි ක්‍රිකට් ක්‍රීඩා කරද්දී බොහෝ විට කඩුලු අතර දුවන්නෙ රවුමට නෙවෙයි. මීට පෙර තිබ්බ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය යෝ යෝ ටෙස්ට් එක. එතන දී කඩුලු අතර දුවන ක්‍රමවේදයට තමයි පරීක්ෂණය සිද්ධ වෙන්නේ. කොහොමහරි මම දෙවෙනි වාර පරීක්ෂණයට සහභාගි වෙලා සමත් වුණා.

ඒ පරීක්ෂණය සමත් වුණාට පස්සේ මට කිවුවෙ මගේ Skin Folds වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. Skin Folds 85% කට අඩුවෙන් තියාගන්න ඕනි කියලා ඒගොල්ලෝ කියනවා. මම දැන් උත්සාහ කරන්නේ ලෝක කුසලානයට පෙර කොහොමහරි ඒ අවශ්‍ය කරන යෝග්‍යතා මට්ටම් වලට ලඟා වෙන්න.

මට පැහැදිලිවම අසාධාරණකම් ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් මට තවදුරටත් රටට ක්‍රීඩා කරන්න අවශ්‍ය හින්දා මම ඒ අසාධාරණකම් සිදු කරපු අයගේ නම්ගම් හෙළි කරන්නේ නැහැ. නමුත් මම ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීපු දවසක අනිවාර්යෙන් මේ සියල්ල හෙළි කරනවා.

මේ ආකාරයෙන් භානුක මාධ්‍ය සාකච්ඡාවේ දී සිය අදහස් හුවමාරු කර ගනු ලැබුවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top