[vc_row][vc_column][vc_column_text]මගෙ හිත කියන්නෙ ශ්‍රී ලංකාව Semi Final එයි කියලා – අර්ජුන රණතුංග
ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් මසකට අඩු කාලයකි. තරගාවලිය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව හිටපු නායක අර්ජුන රණතුංග ඉන්දීය වෙබ් අඩවියක් වෙත අදහස් දක්වා ඇත.
” මගේ හදවත කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම Semi Final ඒවි කියලා. මේ කණ්ඩායමේ තියෙන දක්ෂතා එක්ක හරි ක්‍රීඩකයන් තෝරලා එයාලට අවස්ථාව දුන්නොත් අපිට පුලුවන් ප්රමුඛ පෙලේ රටවල් පරාජය කරන්න. ඒ වගේම පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය. ඔවුනුත් අනපේක්ෂිත කණ්ඩායම්. ඔවුන්ටත් පුලුවන් ඕනෑම දවසක ඕනෑම කෙනෙක් පරාජය කරන්න.”
” අවසන් කණ්ඩායම් හතරට එද්දි මම මුලින්ම එංගලන්තය ඊට එක් කරනවා. බෙන් ස්ටෝක්ස් කණ්ඩායමට ආපු එක ඔවුන්ට විශාල ශක්තියක්. ඒ වගේම කේන් විලියම්සන් ආයෙ ආවාම නවසීලන්තයත් ශක්තිමත් වෙයි. ඉන්දියාවේ දගපන්දු යවන්නන්ගේ පොඩි පොඩි ගැටලු තිබුණත් මම ඔවුන්වත් එක් කරනවා අවසන් පූර්ව වටයට. මොකද ඔවුන්ගේ Conditions වල සෙල්ලම් කරන එක ඔවුන්ට වාසියි. ඊගාවට ඕස්ට්‍රේලියාව. ඔවුනුත් පස්සෙ පස්සේ හොඳින්ම ක්‍රීඩා කරනවා. මේ තමයි මං අනුමාන කරන කණ්ඩායම් හතර”
” මගේ කණ්ඩායම දිහා බලද්දි අරවින්ද අංක හතර පිතිකරණයේ යෙදුණා වගේම ඔහු මැද ඕවර් වල පන්දු යැව්වා. එහෙම ක්‍රීඩකයෙක් ඉන්දීය කණ්ඩායම ඇතුලෙ මං දකින්නෑ. ඉස්සර ඔවුන්ට හිටියා ටෙන්ඩුල්කාර්, ශෙවාග් වගේ ක්‍රීඩකයන්. මේ කණ්ඩායමේ ඉහළ පෙල පිතිකරුවන් කිසිවෙක්ට පන්දු යවන්නන බැරි එක අවාසියි. කණ්ඩායමේ ජඩේජා ඉන්නවා තමයි. ඒත් ඔහුව මුල්පෙළ පිතිකරුවෙක් නෙවේ. “[/vc_column_text][/vc_column][/vc_row]