මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

දකුණු උරහිසේ ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට තිබෙනවා.

ඔහුව ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස කණ්ඩායම් කළමණාකාරීත්වය ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අනුමැතිය හිමි වීමත් සමග මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි.

ඒ අනුව මතීෂ පතිරණ අද රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතය. මතීෂ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කරන ක්‍රීඩකයා තවමත් තීරණය කොට නොමැති අතර බැංගලෝරයේ අද පැවැත්වෙන පුහුණුවීම් වලින් අනතුරුව එය තීරණය කරනු ඇත. වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට එක්වීමට බොහෝ ඉඩක් පවතින බව තොරතුරු වාර්තා වී ඇත.

Back To Top