ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැතිව්ස්ගේ නම අද දිනයේදී ICC ඉසව් තාක්ෂණික කමිටුව වෙත යවා ඇත. ICC බොහෝ විට අද දිනය තුළ එය අනුමත කිරීමට ඉඩ ඇත.
ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඇන්ජිලෝ මැතිව්ස් පසුගිය සතියේ ඉන්දියාවට පැමිණි අතර අතර ඔක්තෝබර් 26 වැනිදා M චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදි එංගලන්තයට එරෙහිව අංක 6 ස්ථානයේ පන්දුවට පහර දීමට වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වෙයි.
ඊයේ සවස බැංගලෝර්හිදී පැවති පළමු පුහුණු සැසියට එක් නොවූ මහේෂ් තීක්ෂණ අද පස්වරුවේ නැවත පුහුණුවීම්වලට එක්විය. විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලට අනුව මහීෂ්ගේ MRI ස්කෑන් පරීක්ෂණ ප්‍රතිඵල වල බරපතල ගැටලුවක් නොමැති අතර, බොහෝ විට බ්‍රහස්පතින්දා එංගලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.