[vc_row][vc_column][vc_column_text]එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිටවීමේ චෝදනාව හේතුවෙන් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්හට තරග තහනමක් පැණවිණි. ඉදිරියේදී ආරම්භ වීමට නියමිත දේශීය තරගවාරය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එම ක්‍රීඩකයන් තිදෙනාහට අවස්ථාව හිමිවන බවට පසුගියදා පුවත්පත් වාර්තා පළ විය.
හිටපු ශ්‍රී ලංකා නායකයෙකුගේ අනුදැනුම යටතේ ශ්‍රී ලංකා දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් SSC ක්‍රීඩා සමාජය හා එක්වීමට සැලසුම් කොට ඇති බවද පසුගියදා වාර්තා විය. කුසල් මෙන්ඩිස් මින් පෙර දේශීය තරග බිමෙහිදී නියෝජනය කරනු ලැබූයේ ශම්මි සිල්වා සභාපති ධූරය හොබවන CCC ක්‍රීඩා සමාජයයි. මේ සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් සිට ට්වීටර් ගිනුමෙහි පහත සටහන තබා ඇත.
මම තදින්ම විශ්වාස කරන වචනය වෙනස් වීම
මම CCC ක්‍රීඩා සමාජය සලකන්නේ මගේ දෙවැනි නිවහන විදිහට. මම ක්‍රීඩා සමාජයට සමු දෙන්නේ සතුටුදායක මතක රැසක් සමගින්. CCC ක්‍රීඩා සමාජය තුළ මට සහයෝගය දීපු සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.
මේ දවස්වල මම තදින්ම විශ්වාස කරන වචනය “වෙනස් වීම”. මම හිතනවා SSC ක්‍රීඩා සමාජය මට සිහින නැවතත් අලුතෙන් ලියන්න අවශ්‍ය ශක්තිය ලබා දෙයි කියලා.
Crreda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]