ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ලෝක කුසලාන තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පැතුම් නිස්සංක
ප්රශ්නය : ලකුණු 125ක ආරම්භක සබඳතාවයකින් පස්සේ ලකුණු 209ට සියලු දෙනා දැවී ගියා. පිතිකරණ අංශය විදියට කොච්චර කණගාටුවක්ද තියෙන්නෙ ඒ ගැන
පැතුම් නිස්සංක : ඇත්තම කිව්වොත් ලොකු කණගාටුවට හේතුවක් තමයි හොද ආරම්භයක් ලැබිලා ඒක ඉදිරියට අරං යන්න බැරිවුණ එක. නම හිතනවා එතනින් තමයි අපිට ලකුණු 210කට සීමා වෙන්න වුණේ. මම හිතනවා මේ වගේ තණතීරුවක ලකුණු 300ක් අනිවාර්යයෙන් ගහන්න ඕනි කියලා. ඒක තමයි පරාජයට හේතුව කියලා මං හිතනවා.
ප්රශ්නය : ඔබ තරග 2කදීම පිට පිට 50 දෙකක් ලබාගත්තා. නමුත් ඒක ලොකු ලකුණකට පරිවර්තනය කරගන්න බැරිවුණ හේතුව මොකක්ද
පැතුම් නිස්සංක : මම හිතනවා මට පුලුවන් දේ මගේ කණ්ඩායම වෙනුවෙන් මම කළා කියලා. ඉතුරු ටිකත් කොහොම හරි මහන්සි වෙලා කණ්ඩායම වෙනුවෙන් ලොකු ඉනීමකට යන්න බලාපොරොත්තු වෙනවා
ප්රශ්නය : මේ තරග 2කට එන්න කලින් අපි ලකුණු 300 සීමාව පන්නලා හිටියේ. මේ තරගයේදී මෙහෙම වෙන්න ඔබ දකින විදියට මොකඳ වුණේ.
පැතුම් නිස්සංක : ක්‍රිකට් කියන්නෙ මෙහෙම තමයි. අපි කලින් තරග 2 හොදින් ක්‍රීඩා කරලා තිබ්බා. මෙහෙම වෙන්න පුලුවන් ඉතින්. අපේ වැරදි හදාගෙන ඉදිරි තරග වලට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
ප්රශ්නය : ඔබ දකින්නෙ කොහොමද ඉදිරි තරග. තරග 3ක් පිට පිට පරාජයට පත් වුණාම ඉදිරි තරග 6ක් තියෙනවා.
පැතුම් නිස්සංක – අපි හොද මානසික මට්ටමක ඉන්නවා. අපේ දෙන්න පුලුවන් උපරිමය දීලා ඉදිරි තරග ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
ප්රශ්නය : ඔයයි කුසලුයි හොදින් පන්දුවට පහර දෙමින් ආවා. ඔයා හිතන්නෙ තණතීරුව එකපාර වෙනස් වුණාද, නැත්තං එයාලා හරි තැන් හොයාගත්තද, මොනවගේ හේතුවක්ද බලපෑවේ කියලා කියන්න පුලුවන් ද
පැතුම් නිස්සංක : ඒගොල්ලෝ හොද තන් වල පන්දු යැව්වා මැද පන්දුවාර වල. අපේ පිතිකරුවන්ට එම කාල සීමාව කළමනාකරණය කරගන්න අමාරු වුණා. ඒ ටික අපි හරියට ගැහුවනං ලකුණු 300ක් විතර ගහන්න තිබ්බා.
ප්රශ්නය : පළවෙනි විකට් දෙකෙන් පස්සේ ඕස්ට්‍රේලියාව හොදින් පීඩනය අරගෙන ලකුණු අතරට ගියා. ඔයා කොහොමද ඒක දකින්නේ
පැතුම් නිස්සංක : තණතීරුව ලයිට් වැටුනාම,සෙට් වුණා. ඒක එයාලට වාසියක් වුණා කියලා හිතනවා ඒගොල්ලන්ගේ සාමාන්‍ය රිද්මයේ සෙල්ලම් කරන්න. ඒගොල්ලෝ පොසිටිව් විදියට සෙල්ලම් කරා.අපේ පන්දු යවන්නටත් සමහර වෙලාවට ලෙන්ත් එක මගහැරුණා. අපි තව හොදට පන්දු යැව්වා නම් තව හොද සටනක් දෙන්න තිබ්බා කියලා හිතනවා.
ප්රශ්නය : දිගින් දිගටම හොද තැන්වල ඉඳලා තරග පරාජයට පත් වෙනවා. කණ්ඩායම ඇතුලේ සාකච්ඡාවක් නැද්ද. තරග 3ම අවස්ථාවක් තිබ්බා අපිට ජයග්‍රහණය කරන්න
පැතුම් නිස්සංක : කණ්ඩායමක් විදියට අපි හැමදාම උත්සාහ කරන්නේ ජයග්‍රහණය කරන්න තමයි. අවාසනාවකට වගේ අන්තිම තරග 3 පරාජයට පත් වුණා. ඊට කලින් අපි හොදට සෙල්ලම් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ උපරිමයට ගිහිල්ලා ඉතුරු තරග ජයග්‍රහණය කරන්න