එංගලන්තයට එරෙහිව පැවති ජයග්රහණයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වූ මහීෂ් තීක්ෂණ තරගය සම්බන්ධයෙන් සිය අදහස් මේ ආකාරයෙන් පළ කළේය.
අද පැවති ජයග්‍රාහී තරගයේදී පන්දු යැවීමේ බලඇණිය විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ළහිරු කුමාර ඇතුළත් වීමත් සමඟම ඔහුගේ දක්ෂතාව ගැනත්, ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම ගැනත් මොනවද කියන්න තියෙන්නේ
මුල් ඕවර හතරේ පහේ දී හරි ලෙන්ත් එක සොයා ගැනීමට නොහැකි වීම නිසා අපි ලකුණු කිහිපයක් ලබා දුන්නා. නමුත් ඇන්ජිලෝ ලෙන්ත් එක හදාගන්න ඔහුගේ අත්දැකීම් උපයෝගී කරගත්තා. ඒ නිසා අපිට පාලනයකින් යුතුව පන්දු යැවීම නැවත සිදුකරන්න පුලුවන් වුණා. අපේ කණ්ඩායමේ ප්‍රබල පන්දු යැවීම නිසා කඩුලු ලබාගෙන ප්‍රතිවාදී කණ්ඩායම පීඩනයට ලක් කරන්න හැකි වුණා. ඔවුන් ඉදිරියට යාම මේ නිසා වැළකුණු අතර ඒ වෙනුවට හයේ සහ හතරේ පහරවල් එල්ල කරන්න ඔවුන් නිරතුරුව උත්සාහ කළා. ඉතින් අපිට කඩුලු ලබා ගන්න අවස්ථාවක් ලැබුණා, ඒක තමයි අපි මෙතැනදී සැලසුම් කළේ.
තණතීරුව කොහොමද ? IPL තරඟාවලිය තුළ චින්නස්වාමි ක්‍රීඩාංගනයේ ඔබ ක්‍රීඩා කළ තණතීරුවේ තත්වයන්ට සමානද? නැත්තන් එය වියළි පැත්තට නැඹුරු වෙලාද තිබ්බේ.
මම මෙහෙ IPL තරගයක් ක්‍රීඩා කරලා තියෙනවා, තණතීරුව ටිකක් වෙනස්. පොඩි දග කැවීමක් තිබුනා වගේම පොඩි වේගයක් සහ බවුන්ස් ගතියක් තිබුනා. ක්‍රීඩා කරපු IPL තරගයේ තිබුණේ පැතලි තණතීරුවක්.එම තණතීරුවේ ලකුණු රැස් කිරීම ඇත්තෙන්ම පහසුයි. මෙම තරගයේ දී ලකුණු රැස් කිරීම අපහසු වුණා කියලා මම අදහස් කරන්නෑ, මොකද අපිට කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 150ක් ලබා ගන්න පුළුවන් උනා. තරගය පුරාවටම අපි අපේ රිද්මය රැකගත්තු හින්දා එය අවසානයේ අපගේ ජයග්‍රහණයට හේතු වුණා.
මැතිව්ස් එකතුවීම කණ්ඩායමට මොනතරම් ශක්තියක්ද උනාද ?
කණ්ඩායමක් විදිහට අපි ඉතාමත් සතුටු වෙනවා ඉතාමත් පළපුරුදු ක්‍රීඩකයෙක් අපේ කණ්ඩායමට එක්වීම ගැන. ඔහු ඉන්දියාවේත් ක්‍රීඩා කරලා තියෙනවා. අපිට ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. තරගයේ අපි පන්දු යවද්දී ඔහුගේ අත්දැකීම් යොදා ගත්තා. මේ වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඉන්න එක ගැන මුළු කණ්ඩායමම ගොඩක් සතුටු වෙනවා.
වේගපන්දු යවන්නන්ගෙන් සමන්විත කණ්ඩායමක සිටි ප්‍රමුඛතම් දග පන්දු යවන්නා ඔබ. ඔබට දැනුණේ කුමන ආකාරයේ පීඩනයක්ද?
මම ඒක පීඩනයක් විදිහට සලකන්නේ නැහැ. මං දකින්නේ මගේ කණ්ඩායම මං ගැන විශ්වාසය තියපු අවස්ථාවක් විදිහටයි. කඩුල්ලේ තත්ත්වය, අද තණතීරුව සහ අපේ ක්‍රිකට් ඉතිහාසය සලකා බලද්දී අපි එක් දඟ පන්දු යවන්නෙකු පමණක් යොදාගෙන කණ්ඩායමක් ලෙස සාර්ථක වෙලා තියෙනවා. දඟ පන්දු යවන්නෙක් විදිහට මං කණ්ඩායමේ එකම නියෝජිතයා වෙද්දී , විශාල වගකීමක් මට තියෙනවා කියලා මං විශ්වාස කරනවා. ඒ හින්දම මම අනෙක් අන්තයේ පන්දු යවන්නා සමඟ පාට්නර්ශිප් එකක් ඇති කරන්න උත්සාහ කලා, ඒ වගේ අවස්ථාවක අපට සාර්ථක වෙන්න පුළුවන් කියලා මං හිතනවා.
එක දිගට තරග දෙකක් දිනලා දැන් කණ්ඩායමට තියෙන්නේ මොන වගේ මානසික තත්ත්වයක්ද?
අපි මේ වෙද්දී තරග දෙකක් දිනලා තියෙන නිසා කණ්ඩායමක් විදියට අපේ විශ්වාසය ගොඩක් වැඩිවෙලා තියෙනවා. ඒ වගේම මේ තරගය අපිට ඉතාමත් සතුටුදායක ජයග්‍රහණයක් ලැබූ තරගයක්. කණ්ඩායමක් විදිහට ඉදිරි තරග හතරේදී හොඳින් ක්‍රීඩා කරලා අවසන් පූර්ව වටයට එන්න අපි බලාපොරොත්තු වෙනවා.
මෙම තරගයේදී පන්දු රැකීමේ අංශය, පෙර තරගවලට වඩා කැපී පෙනෙන විදිහට දක්ෂතා දැක්වූවා. විශිෂ්ට උඩපන්දු කිහිපයක් ලබාගෙන ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමේ අවස්ථා වළක්වා ගත්තා. මේ මට්ටමට ළඟා වීමට ඔබ කළ විශේෂිත පුහුණුවක් හෝ ශිල්පීය ක්‍රම පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?
කණ්ඩායමක් විදිහට, අපේ පන්දු රැකීමේ අංශය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යන්න අපි හැමවෙලේම උත්සාහ කරලා තියෙනවා. පසුගිය තරග කිහිපයකදීම අපේ පන්දු යවන්නන් පීඩනයට පත් කරමින් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට හැකි වන ආකාරයට වැරදි සිදු කළා. කොහොම වුණත් මේ තරගයේදී අපිට කඩුලු දෙක තුනක් දවා ගන්න හැකි වීම නිසා අපි ගොඩක් ශක්තිමත් වුණා. අපේ ජයග්‍රහණය තහවුරු කර ගන්න අරමුණින් ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනයක් එල්ල කරන්න අපි ලොකු උත්සාහයක් ගත්තා. කණ්ඩායමේ අංශ තුනම සුවිශේෂී දස්කම් දැක්වීම අපේ සාර්ථකත්වයට හේතුවක් වුණා.
මේ තරගය තෙක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විශිෂ්ට ලෝක කුසලානයක් නොතිබුණත් පිතිකරුවන් හොඳින් දස්කම් දක්වලා තිබුණා. ඉතින් මේ වගේ ගේම් එකක, මේ වගේ ටීම් එකකට විරුද්ධව, මොන වගේ දේවල්ද කතා වුණේ. ඒ වගේම තරගයේදී මැද ඕවර ක්‍රියාත්මක කළ ආකාරය ගැන මොනවගේ දෙයක්ද කියන්න තියෙන්නේ.
ඇත්තටම අපේ සැලසුම වුණේ ඒක. මොකද පළමු තරග හතරේ මැද ඕවරවල අපි හොඳින් පන්දු යැව්වෙ නැ. ඒ වගේම නෙදර්ලන්තයට එරෙහිව අපි අලුත් පන්දුවෙන් හොඳින් පන්දු යැව්වා. ඉතින් මම හිතන්නේ අපේ පන්දු යැවීම නිසා තරග තුනත් පැරදුණා. ඒ වගේම අපි ඇත්ත වශයෙන්ම වැඩි පාලනයක් ලබා ගැනීම සඳහා පුහුණු සැසි කිහිපයක් කළා, සියලුම වේග පන්දු යවන්නන් වෙහෙස මහන්සි වී වැඩ කළා, ඒ නිසා ඔවුන් තරගයේදී කළ යුතු දේ දන්නවා. ඉතින්, අපි සරල සැලැස්මකට ගියා, විනයානුකූලව පන්දු යැවීම අපේ සාර්ථකතත්වයට හේතු උනා. මම හිතන්නේ ඔවුන් අපේ කණ්ඩායම අවතක්සේරු කරන්නේ අපි තරඟ තුනක් පරාජය වී නෙදර්ලන්තයට එරෙහිව පමණක් ජයග්‍රහණය කරපු නිසා. මම හිතන්නේ ඔවුන් අපිව අවතක්සේරු කළා. ඒකයි ජයග්‍රහණය අපේ පැත්තට ආවේ. අපි සරල ක්‍රම වලට ගියා, ඒකයි අපි අද තරගය දිනුවේ.