මලින්ද වර්ණපුරට ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුරක්

නවසීලන්තයේ ජොන්සන්විල් ක්‍රිකට් සමාජය පූර්ණකාලීන පුහුණු හා සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරු මලින්ද වර්ණපුර බඳවාගෙන ඇත. ඒ අනුව මෙම තනතුර වෙනුවෙන් බදවාගත් පළමු පුද්ගලයා වනුයේ මලින්ද වර්ණපුරයි

වර්ණපුර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 14ක්ද සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කොට ඇත. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසින් ද කටයුතු කොට ඇත. 44 හැවිරිදි වියෙහි පසුවන මලින්ද වර්ණපුර පළමු පෙළ පිටියේ තරග 182කදී ලකුණු 9116ක් රැස්කළ ක්‍රීඩකයෙකි.

Back To Top