මෂ්රාෆි මොර්තාසා බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වේ.

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රාෆි මොර්තාසා එම දූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගය ඔහු කණ්ඩායමට නායකත්වය ලබා දෙන අවසන් තරගය වනු ඇති.

මේ වත තෙක් එක්දින තරග 49 ක ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවා ඇති මශ්රාෆි මොර්තාසාට එය තරග 50 දක්වා ඉහළ නංවා ගැනීමට එම තරගය බොහෝ දුරට ඉවහල් වනු ඇති. නායකත්යෙන් ඉවත් වුවද තව දුරටත් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස ඔහු කටයුතු කරන බවත් නව නායකයාට හැකි උපරිම අයුරින් සහයෝගය ලබා දෙන බවත් මොර්තාසා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු නායකයා ලෙස කටයුතු කරන අවධියෙන් බංග්ලාදේශ කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබෙනවා. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් ප්‍රකාශ කර තිබෙන්නේ තම රට වෙනුවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් නායකයන් අතරින් මොහු ප්‍රධාන ස්ථානයක් ගන්නා බවයි. 2015 වසරේදී බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ මොර්තාසාගේ නායකත්වය යටතේයි.

මේ අතර 2017 වසරේ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා කණ්ඩායම මෙහෙයවන ලද්දේද මශ්රාෆි මොර්තසායි. ඔහු මෙතෙක් එක්දින තරග 87 කදී කණ්ඩායම මෙහෙයවා ඉන් තරග 49 ක් ජය ගෙන තිබෙනවා. ඔහු 20 යි 20 තරග 28 කට නායකත්වය ලබා දුන් අතර ඉන් තරග 10 ක් බංග්ලාදේශය ජයග්‍රහණය කළා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top