මහීෂ්ට ලෝක කුසලානයේ මුල් තරග අහිමි වෙයිද ?

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගමන් නොකළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙල නිලධාරියෙක් උපුටා දක්වමින් The Pakistan Observer වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ මහීෂ් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම තරමක සැක සහිත බවත් ඔහුව ඉහළ කාර්‍යසාදන ඒකකයේ අධීක්ෂණයට යොමු කොට ඇති බවත්ය.

ඉහළ කාර්‍යසාධන ඒකකයේ භෞත චිකිත්සක තිහාන් චන්ද්‍රමෝහන් විසින් ඔහුව නිරීක්ෂණය කරන බවද එම වාර්තා වල සදහන් වී ඇත. පාකිස්තානයට එරෙහිව පැවති ආසියානු කුසලාන තරගයේදී ආබාධයට ලක්වූ මහීෂ්ටට තරගාවලියේ අවසන් මහා තරගය ද අහිමි විය. හතරේ සීමාව අසල ලිස්සා යාමේදී මහීෂ්ට කළව ප්‍රදේශයේ ආබාධ තත්වයක් හටගෙන ඇත.

එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන්නේ මහීෂ් ගේ තත්වය සම්බන්ධයෙන් භෞත චිකිත්සකවරයා සහ විකිරණ වේදියා අතර පරස්පර අදහසක් ඇති බවයි. මෙය 3 මට්ටමේ ආබාධයක් බව උපකල්පනය කළ අතර MRI ස්කෑන් පරීක්ෂණයෙන්ද එය තහවුරු විය. එම නිසා ඔහුව කණ්ඩායමට ඇතුළත් කළ බවත් තරගාවලිය අගභාගයේදී කණ්ඩායම සමගින් එක්වනු ඇති බවත් එම වාර්තා වල සදහන් වී ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top