මහීෂ් නුදුරේදීම ශ්‍රී ලංකා සංචිතය සමගින් එක්වන ලකුණු

[vc_row][vc_column][vc_column_text]

මහීෂ් තීක්ෂණ එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව මහීෂ් තීක්ෂණ දෙවන පුහුණු තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට සූදානමින් පසුවන බව වාර්තා වී ඇත.

මහීෂ් තීක්ෂණ පසුගිය ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයට ලක්වූ අතර ඔහුට පසුගියදා ඉන්දියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නොහැකි විය. නමුත් අනිද්දා පැවැත්වෙන ඇෆ්ගනිස්ථානයට එරෙහි පුහුණු තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇත.

එනම් මහීෂ් තීක්ෂණ ඔක්තෝම්බර් 4 වැනිදා ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතයි. ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරගයෙන් පසු මහීෂ් දිල්ලිහිදී ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇතැයි වාර්තා වේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top