[vc_row][vc_column][vc_column_text]
එළඹෙන එඑක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙසින් හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කරයි. නමුත් ඔහු පසුගියදා ඉන්දියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ගමන් නොකළ අතර පුහුණු තරගය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සමගින්ද සිටින ආකාරය දැකගන්නට නොහැකි විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙළ නිලධාරියෙක් සදහන් කොට ඇත්තේ මහේල නිසැකවම ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන බවයි. ඔහු බොහෝ දුරට දිල්ලිහිවී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වනු ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 7වනදා දිල්ලිහිදී සිය පළමු තරගය වෙනුවෙන් එක්වීමට නියමිතය. ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන මහේල ද ඇතුලු 13 දෙනාට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමි විය.[/vc_column_text][/vc_column][/vc_row]