ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් හමුවී ඇති බවට අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කොට ඇත.
පසුගියදා පැවති ලෝක කුසලාන තරගාවලියේ ලද පරාජයන් පිළිබඳව එහිදී සාකච්ඡා කොට ඇත. එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය සම්බන්ධයෙන් වන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කොට ඇත. මහේලගේ කොන්ත්‍රාත් කාල සීමාව අප්‍රේල් තෙක් පවතින අතර ඔහු ඉල්ලා අස්වීමේ සූදානමක් නොමැති බව ද එම ආරංචිමාර්ග සදහන් කොට ඇත.