මාලිංග, කුසල් ජනිත්, දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඔස්ට්‍රේලියා තරග සංචාරයට!

[vc_row][vc_column][vc_column_text]මේ මස 27 වන දින ආරම්භ වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගී වන 15 දෙනෙකින් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.

පසුගිය සතියේ නිමාවට පත් වුනු පකිස්ථානය තරග සංචාරයේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමටදසුන් ශානක ප්‍රමුඛ යොවුන් කණ්ඩායම සමත් වූ අතර එම සංචිතයෙන් 12 දෙනෙක් මෙම සංචිතයටද නම් කර තිබේ.

පකිස්ථාන තරග සංචාරයට එක් වූ ක්‍රීඩකයන් අතුරෙන් සදීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ලහිරු මධුසංඛ සහ මිනෝද් භානුක හටමෙම සංචිතයේ ඉඩක් නොලැබූ අතර එම ක්‍රීඩකයන් හතර දෙනා වෙනුවට නායකයා ලෙස ලසිත් මාලිංග, උප නායක ලෙස නිරෝශන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරා එක් විය.

මීට අමතරව ආබාධයකට ලක් වුනු කුසල් මෙන්ඩිස්ද මෙම සංචිතයට එක් කර ඇත.

කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතා සාර්ථක කාලයක් පසු කරන අතර කණ්ඩායමට එකතු වීම සඳහා ඉතා විශාල තරගයක් මතුවී තිබීම විශේෂත්වයකි. එම හේතුව නිසාම මෙම සංචිතයට අත්දැකීම් සහිත ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ධනංජයද සිල්වා වැනි ක්‍රීඩකයන්ට ඉඩක් වෙන් වී නොමැත.

ඔස්ට්‍රේලියාවේදී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග හයකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 5කම ජයග්‍රහණ වාර්තාකොට ඇත.

පකිස්ථාන සංචාරයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ වනිදු හසරංග, භානුක රාජපක්ෂ , ඕශධ ප්‍රනාන්දු, ධනුශ්ක ගුණතිලක වැනි ක්‍රීඩකයන්කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රීකට් ප්‍රේක්ෂකයන් ඉහල බලාපොරොත්තු තබා ඇති බව පෙනී යයි.

16 දෙනෙක්ගෙන් යුත් සංචිතය.

ලසිත් මාලිංග ( නායක )
නිරෝශන් දික්වැල්ල ( උප නායක )
දසුන් ශානක
අවිශ්ක ප්‍රනාන්දු
ධනුශ්ක ගුණතිලක
කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස්
භානුක රාජපක්ෂ
ඕශධ ප්‍රනාන්දු
ශෙහාන් ජයසූරිය
ඉසුරු උදාන
වනිදු හසරංග
නුවන් ප්‍රදීප්
ලක්ෂාන් සඳකැන්
ලහිරු කුමාර
කසුන් රාජිත

පළමු තරගය ඔක්තෝබර් 27 වන දින ඇඩිලේඩ් හිදිද දෙවන තරගය ඔක්තෝබර් 30 වන දින බ්‍රිස්බේන් හිදීද තෙවන සහ අවසාන තරගය නොවැම්බර් පළමු දින මෙල්බර්න් හිදීද පැවත්වීමට නියමිතය.

තරගාවලියේ සියලුම චායාරුප , තතු හා තරග වාර්තා ඔබ වෙතට රැගෙන ඒමට Sports Photography.Lk සූදානමින් සිටියි. රැඳී සිටින්න www.sportsphotography.Lk සමඟ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top