මාලිංග – තරංග ගැටෙන T10 තරඟයට වර්ශාවෙන් බාධා!

[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ 16 වන තරඟය ක්‍රිස් ලයින් නායකත්වය දරන මරතා ඇරබියන්ස් පිල සහ හශීම් අම්ලා නායකත්වය දරන කර්නාටකටස්කර්ස් පිල අතට අද දින ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවත්වින.

දෙපිලටම තීරාණාත්මක තරඟයක් වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ක්‍රිස් ලයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය.

තරඟාවලිය පුරාම දෙවන වරට පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය කරද්දී මරතා ඇරබියන්ස් පිලේ නායකයා තම පිතිකරණබලඇණිය මත විශ්වාසය තබා ලකුණු 120-125ක් වැනි ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවේ තබා ගැනීමේ අරමුණින්ය.

තරඟාවලියේ ක්‍රීඩා කිරිමට අද අවස්ථාවක් ලබා ගත් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක හසාතුල්ලාහ් සසායි ප්‍රථම පන්දුවෙන්ම ලකුණු නොලබා දැවීගියේ ලබා දුන් අවස්ථාව නිසිලෙස භාවිතා නොකරමිනි.

අසාර්ථක ආරම්භයෙන් පසුව පිටියේ එක් වූ තරඟාවලිය පුරා සාර්ථක වූ නායක ක්‍රිස් ලයින් සහ ඇඩම් ලයිත් පීඩනය ආපසු පන්දුයවන්නන්ට යොමු කර පිටිය පුරා දැවන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය.

පන්දු 44කදී ලකුණු 91ක වේගවත් සබඳතාවයක් ගොඩ නැගූ මෙම දෙපල ඉතා හොඳ ලකුණු ප්‍රමාණයකට අවශ්‍ය අඩිතාලම සකසාදුන්නේය.

ක්‍රිස් ලයින් පන්දු 31කදී හයේ පහරවල් හයක් සමග ලකුණු 60ක් ද ඇඩම් ලයිත් පන්දු 20කදී හයේ පහරවල් 5ක් සමඟ ලකුණු 50ක්ද රැස්කලේය.

පන්දුවාර දහය අවාසනයේ කඩුලු 4ක් දැවී ලකුණු 129ක් රැස් කරමින් ලකුණු 130ක ඉලක්කයක් ලබා දුන්නද කර්නාටක ටස්කර්ස් පිලේවාසනාවකටදෝ තරඟාවලිය පුරා ප්‍රථම වතාවට දැඩි වර්ශාවක් ක්‍රීඩාංගණයට ඇද හැලෙන්නට විය.

දිගින් දිගටම ඇද හැලුනු වර්ශාව නිසා තරඟය අත හැර දැමීමට රොශාන් මහානාම තරඟ තීරකවරයා තීරණය කලේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top