මාව කණ්ඩායමෙන් ඉවත් කරේ ඇයි කියලා මම දන්නේ නැහැ.-විකුම් සංජය

[vc_row][vc_column][vc_column_text]විකුම් සංජයගේ ක්‍රිකට් දිවිය තරමක් වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වූයේ නම්, ඔහු මේ සතියේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් වනු නොඅනුමානය.

ඒ වෙනුවට ඔහුට සිදු වී ඇත්තේ ඩුබායි හි පැවැත්වෙන DP World International League T20 තරඟාවලියේ කොන්ත්‍රාත්තුව පිළිබඳව බලාපොරොත්තුවක් තබාගැනීම පමණි. කැන්බරා හි පැවති තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග සමගින් පන්දු යැවීම ආරම්භ කළ විකුම් එම තරගයේදී කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ වීරයා බවටද පත් විය. ඔහු එම වසරේ පකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී තරග 2ක්ද ඇතුලු ව ජාත්‍යන්තර විස්සයි20 තරග 8ක් ක්‍රීඩා කළේය. දැන් 31 හැවිරිදි ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින අතර ජාත්‍යන්තර ක්‍රීඩාවේ දෙවන පිවිසුම අපේක්ෂාවෙන් සිටින බවට වාර්තා වෙයි.

“අවාසනාවකට, මම ඉතා හොඳ තත්ත්වයක සිටියත් මට ශ්‍රී ලංකාවේ අවස්ථා ලැබුණේ නැහැ, මමත් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් වුණා, නමුත් අවාසනාවකට මාව කවුරුවත් තෝරා ගත්තේ නැහැ. මම නැවත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එන්නට වසර දෙක තුනක් උත්සාහ කළා. ඒත් මට එන්න බැරිවුණා. අවසානෙට මම තීරණය කළා එහෙන් එන්න. මාව කණ්ඩායමෙන් ඉවත් කරේ ඇයි කියලා මම දන්නේ නැහැ.

තම මව්බිමේ ඔහුට ඇති අවස්ථා අඩුවීම ගැන කලකිරුණු සංජය සාජාහි බුකාතීර් ලීගයට ක්‍රීඩා කිරීමට ලද ආරාධනයක් පිළිගත්තේය. දැන් ඔහු ICC හි තුන් අවුරුදු නේවාසික නිර්ණායකය සම්පූර්ණ කළ පසු එක්සත් අරාබි එමීර් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපේක්ෂා කරයි.

මම නිතරම මගේ ෆේස්බුක් එක යාවත්කාලීන කළ නමුත් කිසිවෙකු මට පිළිතුරක් ලබා දුන්නේ නෑ. මම මගේ වීඩියෝ දමමින්, මා සිටින බව පෙන්වමින්, ශ්‍රී ලංකාවේ සිටින මගේ පුහුණුකරුවන් සමඟ කතා කරමින් සිටියා. දසුන් ශානක මගේ මිත්‍රයෙක්. මම ඔහු එක්ක කතා කරත් කවුරුත් මට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. මම ඇත්තටම යෝග්‍යතාවය හොදට තියන්, ඒ වෙලාවේ හොඳ වේගයකින් පන්දු යැව්වා, නමුත් තේරීම් කමිටුව මම ගැන හිතුවේ නැහැ. ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන එක මගේ ඔලුවෙන් අයින් වුන නිසා දැන් මම නිර්ණායක සම්පූර්ණ කරපු ගමන් UAE නියෝජනය කරන්න බලන් ඉන්නවා.මට ILT20 තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. ඒක අපිට හොඳ අවස්ථාවක් ලබා දෙනවා. මම මේ තරගාවලියේදී වෙහෙස මහන්සි වී වැඩ කරනවා. මට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට ලැබෙන නිසා මෙම අවස්ථාවද ඇත්තෙන්ම හොඳයි. මම දැකලා තියෙනවා වේග පන්දු යවන්නන් හතර පස් දෙනෙක් හොඳට පන්දු යවනවා, මේ තණතීරු වේග පන්දු යවන්නන්ට හොඳයි.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top