මැතිව් හේඩ්න් ඉන්දියාවට අනතුරු අගවයි

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ බොහෝ දෙනා අවධානයෙන් බලා සිටින තරගයක් අද දිනයේදී පැවැත්වෙයි. ඒ පාකිස්තානය හා ඉන්දියාව අතරයි. හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩ්න්, පකිස්තානයට එරෙහි ගැටුමට පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අනතුරු අඟවා ඇත.2021 ලෝක කුසලානයේදී ෂහීන් අෆ්රිඩිට එරෙහිව ඉන්දීය නායක රෝහිත් ෂර්මා දැවී යාම පිළිබඳව ද හේඩ්න් සඳහන් කොට ඇත.

“ඔබට මතකද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය. ශහීන්ට පුලුවන් වුණා මුල්පෙළ කඩුලු ඉක්මනින්ම දවා ගැනීමට. ඔහු රෝහිත් ෂර්මාට යැවූ එම පන්දුව අපට කිසිදා අමතක වෙන්නෙ නෑ. ඒ නිසා ෂහීන් අෆ්රිඩිට එරෙහිව ටිකක් ප්‍රවේශම් වන්න.”

හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු මෙහිදී නසීම් ෂා සහ හරිස් රවුෆ් යන වේග පන්දු යවන්නන් ද ප්‍රශංසාවට ලක් කළේය.

“ඉන්දියාව ක්‍රීඩා කරන්නේ පාකිස්තානයේ හොදම වේගපන්දු යවන්නන් තිදෙනාට එරෙහිවයි. මෙය ක්‍රිකට් පිටියේ වඩාත් ආකර්ෂණීය තරඟ වලින් එකක්. අපිට ෂහීන් අෆ්රිඩි, හරිස් රවුෆ් සහ නසීම් ඉන්නවා. ඔවුන් ඉතා වෙනස් ආකාරයේ අද්විතීය පන්දු යවන්නන් තිදෙනෙක් . ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කරන්නට ඉන්දියාවට සැලසුම් අවශ්‍ය වෙනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top