මිචෙල් මාෂ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වෙයි

[vc_row][vc_column][vc_column_text]ජෛව බුබුලෙහි වෙහෙසකර ස්වභාවය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් තීරණය කොට ඇත.

ඒ අනුව මිචෙල් මාෂ්ගෙන් පුරප්පාඩු වූ ස්ථානයට එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි එක්වී ඇති බවට ඉන්දීය ප්‍රිමියර් ලීග් නිළ වෙබ් අඩවිය තහවුරු කොට ඇත.

ජේසන් රෝයි මින් පෙර අවස්ථාවන් දෙකකදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කොට ඇත. ජේසන් රෝයි 2017 වසරේදී ගුජරාටි ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 3ක් හා 2018 වසරේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 5ක්ද ක්‍රීඩා කොට ඇත. එම තරග 8 තුළදී ලකුණු 179ක් රැස්කිරීමට රෝයි සමත් වී ඇත.

වළලුකර ආබාධයක් හේතුවෙන් මිචෙල් මාෂ් පසුගියවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සසන්රයිසස් කණ්ඩායමට ක්‍රීඩා කළේය.

සටහන – Creeda – Sports Network [/vc_column_text][/vc_column][/vc_row]

Back To Top