තත්පර 20 කට අඩු කාලයකින් මීටර 50 නිදහස් ආර පිහිනුම් ඉසව්ව නිම කළ ලොව පළමු ක්රීඩයා බවට පත් වීමට කේමන් දූපත් හි ජෝඩ්න් කෘක්ස් සමත් වුණා. ඒ, හංරේරියාවේ බප්ටිස්ට් හි පැවැත්වෙන ලෝක ශූරතා කෙටි දුර පිහිනුම් තරගාවලියේදී.
මෙම ලෝක ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ, මීටර 25 කින් දුරින් යුත් පිහිනුම් තටාකයකදී. ජෝඩ්න් කෘක්ස්, මීටර 50 නිදහස් ආර ඉසව්වේ මූලික වටය අවසන් කළේ, තත්පර 20 යි දශම 0 යි 8 ක කාලයක් වාර්තා කරමින්. එය සටහන් වන්නේ, එම ඉසව්වේ ලෝක වාර්තාව ලෙසයි. ඉන් පසුව, මීටර 50 නිදහස් ආර ඉසව්වේ අවසන් පූර්ව වටය තත්පර 19 යි දශම 9 යි බින්දුවකින් අවසන් කරමින්, ඔහු තමා විසින්ම පිහිට වූ ලෝක වාර්තාව යළි පිහිටවනු ලැබුවා. තත්පර 20 ට අඩු කාලයකින් මීටර 50 නිදහස් ආර ඉසව්ව නිම කළ ලොව පළමු ක්රීඩකයා වන්නේ, ඔහුයි. මෙම ඉසව්වේ අවසන් තරගය, තප්පර 20 යි දශම 1 යි 9 කින් නිම කරමින් ජෝඩ්න් කෘක්ස් රන් පදක්කම හිමි කර ගත්තා. එහි රිදී පදක්කම බ්රසීල ක්රීඩකයෙක් හිමි කර ගත් අතර, අමෙරිකානු ක්රීඩකයෙකුට ලෝකඩ පදක්කම හිමි වුණා.