මුල්තාන් සුල්තාන්වරුන්ගේ වේගපන්දුව කාන්තාවක් යටතට

එළඹෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කරන මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධූරයට කාන්තාවක් පත්කොට තිබෙනවා. ඒ අනුව තිස් හැවිරිදි වියෙහි පසුවන කැතරින් ඩාල්ටන් PSL ඉතිහාසයේ පළමු කාන්තා පුහුණුකාරිය බවට පත්විය. එමෙන්ම ඉහළ පෙළ පිරිමි කණ්ඩායමක වේගපන්දු පුහුණුකාරිය බවට පත් වූ ලොව පළමු කාන්තාව බවටද ඇය පත්වනු ඇත.

එංගලන්තයේ උපත ලද ඇය එක්දින හා විස්සයි විස්ස තරග 4ක් බැගින් ක්‍රීඩා කොට ඇති අතර එහිදී ඇය නියෝජනය කළේ අයර්ලන්ත කණ්ඩායමයි. එංගලන්ත ක්‍රිකට් ආයතන තෙවන මට්ටමේ පුහුණුකාරිණියක් වන ඇය මින් පෙර මහාබ්‍රිතාන්‍ය වේගපන්දු පුහුණු ඇකඩමියේ පුහුණුකරිණියක් ලෙස කටයුතු කළ අතර ඉන්දියාවේ Ultimate Pace Foundation හිද පුහුණුකාරිණියක් ලෙස කටයුතු කළාය.

Back To Top