මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිකිරීම් කටයුතු අත්හිටුවයි!

[vc_row][vc_column][vc_column_text]~ සුපුන් රජිත හෙට්ට්ආරච්චි ~

හෝමාගම ඉදි කිරීමට නියමිත ව තිබූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට තීරණය කරයි. ඒ ඊයේ ( 21 මැයි ) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව යි.

මෙම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ ඇතිවූ විරෝධතාවයන් සහ අදහස් පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ වී තිබුණා . අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා හිටපු ක්‍රිකට් නායකයන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා. ඊට හිටපු නායකයන් වන සනත් ජයසූරිය ,කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනත් 20යි 20 වත්මන් නායක ලසිත් මාලිංග සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම ද ඇතුලත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සඳහන් කළේ ඉදිරි ලෝක කුසලාන ඉලක්ක කරගෙන මෙම ක්‍රීඩාංගනයේ ඉදිවෙන බවයි. තව ද ආරක්ෂාව මෙන්ම පහසුවෙන් ළඟා වීමට හැකි වීම මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට හේතුව බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා. කෙසේ නමුත් රුපියල් බිලියන 7 කට අධික මුදලක් වියදම් කරමින් ඉදිකිරීමට නියමිත මෙම ක්‍රීඩාංගනය කාලෝචිත කටයුත්තක් නොවන බවයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩකයන් ගේ අදහස වූයේ . දේශීය මට්ටමින් ක්‍රීඩාව නගා නඟා සිටුවීමත් පාසල් මට්ටම තුල ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමත් වඩාත් ඵලදායි බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

අදාල සාකච්ඡාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ සහ ගාමිණී ලොකුගේ සහා ක්‍රිකට් පාලකමණ්ඩලයේ මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

මේ අතර ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ක්‍රීඩා සම්බන්ධයෙන් වන ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියට සම්බන්ධ වී කටයුතු කරන ලෙස හිටපු නායකයන් වන කුමා සංගක්කාර හා මහේල ජයවර්ධන හට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇරයුම් කළ බව ද වාර්තා වනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top