මෙවර ලෝක කුසලානයේදී වැඩිම උඩපන්දු ගිලිහීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවෙන්

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ වැඩිම උඩපන්දු ගිලිහීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාව ඉදිරියේ ලියැවී තිබෙනවා. ඒ ඔවුන් මෙවර තරගාවලිය තුළ උඩපන්දු 14ක් අත හැරීම හේතුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ උඩපන්දු 22ක් රැකගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මෙවර තරගාවලිය තුළ දී ශ්‍රී ලංකාව උඩපන්දු සාර්ථකව රැකගත් ප්‍රතිශතය 61%ක් ලෙසින් සටහන්ව තිබෙනවා.

මෙවර තරගාවලිය තුළ වැඩිම උඩපන්දු ප්‍රමාණයක් අතහැර ඇත්තේ නවසීලන්තයයි. ඔවුන් උඩපන්දු 16ක් අතහැර ඇති නමුත් උඩපන්දු 40ක් සාර්ථකව රැකගැනීමට සමත් ව තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් 71%ක උඩපන්දු රැකගැනීමේ ප්‍රතිශතයක් සමගින් ශ්‍රී ලංකාවට ඉහළින් රැදීසිටීමට සමත් ව තිබෙනවා. මෙවර තරගාවලිය තුළ අඩුම උඩපන්දු ප්‍රමාණයක් අතහැර ඇත්තේ ඉන්දියාව, පාකිස්තානය, නෙදර්ලන්තය හා එංගලන්තයයි. වැඩිම සාර්ථක උඩපන්දු රැකගැනීමේ ප්‍රතිශතයක් හිමි වී ඇත්තේ සමස්ත උඩපන්දු 43න් 37ක් රැකගත් පාකිස්තාන කණ්ඩායමටයි

කණ්ඩායමසාර්ථකව රැකගත් උඩපන්දුගිලිහුණු උඩපන්දුඋඩපන්දු ගිලිහීමේ ප්‍රතිශතය
ශ්‍රී ලංකාව221439%
නවසීලන්තය401629%
ඇෆ්ගනිස්තානය20829%
ඕස්ට්‍රේලියාව291229%
බංග්ලාදේශය26824%
දකුණු අප්‍රිකාව511219%
එංගලන්තය26619%
ඉන්දියාව25619%
නෙදර්ලන්තය33615%
පාකිස්තාන37614%










Back To Top