[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ තෙවන දිනය අද වූ අතර තරඟාවලියේ හත්වන තරඟය සහ දිනයේ මුල්ම තරඟය ලෙස අබුඩාබි කණ්ඩායමසහ නෝදන් වොරියර්ස් කණ්ඩායම අතර තරඟය අද පැවති අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් අබුඩාබි කණ්ඩායම වාර්තා කිරීමටසමත් විය.
මෙය ඔවුන්ගේ මෙම තරඟාවලියේ පළමු ජයග්‍රහණයයි.
කාසියේ වාසිය දිනාගත් නෝදන් වොරියර්ස් කණ්ඩායමේ නායක ඩැරන් සමී ප්‍රථමයෙන් පන්දුවට පහට දීමට තීරණය කල අතර පන්දුවාර 10 අවසානයේ ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 92ක් පමණි.
පන්දුවාර 10 පුරා එක් කඩුල්ලක් පමනක් දැවී ගියද නෝදන් වොරියර්ස් කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට අභියෝගාත්මක ඉලක්කයක් ලබාදීමට අපහසු විය.
නායක ඩැරන් සමී ලකුණු 17කට දැවී යද්දී සැම් බිලින්ස සහ ඇන්ඩ්‍රේ රසල් පිලිවෙලින් ලකුණු 35ක් සහ 37ක් රැස් කලේය.
පන්දු යැවීමේදී බෙන් ලාෆින් නායක ඩැරන් සමීගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.
ලකුණු 93ක ඉලක්කය හඹා ගිය අබුඩාබි කණ්ඩායම එක් පන්දුවාරයක් සහ පන්දු තුනක් ඉතිරිව තිබියදී පහසුවෙන්ම අවශ්‍ය ඉලක්කයකරා යෑමට සමත් විය.
ඉලක්කය පහසුවෙන් හඹා යෑමට අවශ්‍ය දායකත්වය ලබා දුන් ලුක් රයිට් පන්දු 23කදී ලකුණු 48ක්ද නායකත්ව වගකීම අකුරටම ඉටු කලමොයින් අලී ලකුණු 30ක්ද රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වූ අසේල ගුණරත්න සහ නුවන් ප්‍රදීප් දෙදෙනාටම කඩුලු ලබා ගැනීමට අපොහොසත් විය.
තරඟයේ වීරයා සම්මානය ලුක් රයිට් ට හිමි විය.
මෙම ජයග්‍රහණයත් සමග ටීම් අබුඩාබි කණ්ඩායම A කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වූ අතර මූලික වටයේ තරඟ 3ටම සහභාගී වූ පසුගිය වර ශූරයන් වූ නෝදන් වොරියර්ස් කණ්ඩායම එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කර තරඟ දෙකක් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේතෙවන ස්ථානයේ රැඳී සිටී.[/vc_column_text][/vc_column][/vc_row]